අංගොඩ ලොක්කා සැබෑවටම මියගිය බවට ඩී.එන්.ඒ සහ ඇඟිලි සලකුණු සාක්කියක්

ඉන්දියාවේ කොයිම්බතූර් හිදී මිය ගිය බවට සැලකුණු මෙරට දරුණු අපරාධකරුවකු වන අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරා නිශ්චිත වශයෙන්ම මිය බවට ඩී.එන්.ඒ සාක්ෂි සහ ඇඟිලි සලකුණු වලින් තහවුරු වන බව ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාවේ කොයිම්බතූර් හිදී තවත් ශ්‍රි ලාංකික කාන්තාවක සමඟ ජීවත් වූ අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරාගේ මරණය පිළිබඳව මෙරට මෙන්ම ඉන්දියාවේද විවිධ අවිනිශ්චිතතා නිර්මාණය වී තිබු අතර ඊට එක් හේතුවක් වූයේ ඔහු එරට ප්‍රදීප් සිං නමින් ව්‍යාජ නමක් සහ ව්‍යාජලේඛන සකස් කර ගෙන ඉන්දියානුවකු ලෙසින් ද ජීවත් වූ නිසාය.

මෙම තත්ත්වය හේතුවෙන් ඔහුගේ මෘත දේහයෙන් ලබා ගත් ශරීර කොටස් සාම්පල ඔහුගේ මවගේ රුධිර සාම්පලයක් සමඟ සසඳා ඉන්දියාවේදී ඩී.එන්.ඒ පරීක්ෂණයකට ලක් කොට ඇති අතර එහිදී මෙලෙස මිය ගොස් ඇත්තේ ඔහුම යන වග තහවුරු වී තිබේ.


ඊට අමතරව මෙරට පොලිසිය සතුව පැවති ඔහුගේ අඟිලි සලකුණු ද මෘත දේහයේ අඟිලි සලකුණු සමඟ සැසඳෙන බව තහවුරු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තහවුරු කර ගත් නිල වාර්තා ඉදිරියේදී ඉන්දියාව නිල වශයෙන් මෙරටට එවීමට නියමිතය.

Exit mobile version