සංශෝධන 08ක් ඉදිරිපත් කරන්නම්… එකඟනම් අපිත් වරාය නගරයට එකඟයි..

Opposition MP Dr Harsha De Silva fuels the Portcity Bill debate

• රාජපක්ෂවරු සියලු දෙනා රට පාලනය කරනවා නම් ඔවුන්ට පස්සෙ එන ජනාධිපති කවුද කියලා දන්නෙ නෑ… දන්නෙ නැති කෙනෙකුට පාර්ලිමේන්තුවත් ඉක්මවූ බලයක් දෙන්න එපා…
• යුද්ධය දිනා තහවුරු කළ රටතුළ සංචරණ නිදහස නීතියකින් ඇති කරලා වරාය නගරය වෙනත් රටක් කරන්නෙ ඇයි?
• ජනාධිපතිවරයා පී.බී.ජයසුන්දර එකක් එක් වී හදපු මේ කෙටුම්පත ඔබ ඉදිරිපත්කළ රටට හිතවත් කෙටුම්පත නොවෙයි…

මේ ඉදිරිපත් වී ඇත්තේ අප විසින් ඉදිරිපත් කළ සංශෝධනද පදනම්ව අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත නොව ජනාධිපතිවරයා විසින් පී.බී.ජයසුන්දරගේ උපදෙස් පිට ඉදිරිපත් කළ අමුතුම ආකාරයේ විකෘතියක් බවත් වරාය නගරයට නොව එම විනාශකාරී පනතේ ඇති විනාශයට විපක්ෂය විරුද්ධ බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ශ්‍රේෂ්ඨාධිකරණය  ද ව්‍යවස්ථාවට පටහැනි බව දැක්වූ කාරණා පදනම් කරගෙන සංශෝධන අටක් ඉදිරිපත් කරන බවත් රටේ දියුණුව වෙනුවෙන් සද් භාවයෙන් පාර්ලිමේන්තුවේ කැමැත්ත ඉල්ලා සිටින්නේනම් එම සංශෝධන ඇතුළත් කර මෙම පනත ගැන සංවාදයක් ඇති කර රට වෙනුවෙන් එක්වෙමු යන ආයාචනය කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.
ඔහු මේ පිළිබඳව මෙසේ ද පැවසුවේය.

අගමැතිවරයා සහ අප එකඟ වූ කෙටුම්පත

විපක්ෂය ලෙස අපි වරාය නගරයට විරුද්ධ නෑ. අපත් විශ්වාස කරනවා මේ වරාය නගරය හරහා ඉදිරි සංවර්ධන පිම්ම පනින්න අවස්ථාවක් ලැබෙයි කියලා. මැදි ආදායම් උගුලක හිරවෙලා ඉන්න අපි රටේ ආර්ථික ප්‍රගමනය ඉලක්ක කරගෙන කරන වරාය නගරය සඳහා ප්‍රතිපත්තියක් ලෙස එකඟයි.
ලෝකයේ බොහොමයක් තියනවා මේ ආර්ථික කලාපයක්. මේ නගරය වෙනුවෙන් චීනය ඩොලර් බිලියන එකයි දශම හතරක ආයෝජනයක් කළා තමයි. හැබැයි ඒ සමාන මුදලක් රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් රජයක් ලෙස අපිත් කළා. යටිතල පහසුකම් හදන්න, විදුලිය ගේන්න, මුහුද යටින් දිවෙන මාර්ගය හදන්න, හයිවේ හදන්න ඒ මුදල් යොදවන්න නියමිතයි. එය මුලින්ම කියන්නෙ සාධාරණ හේතුවක් ඇතිව.


අගමැති තුමනි. මේ පනත ගේනකොට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ දුන්නෙ නෑ ඒ ගැන සංවාද කරන්න. අලුත් ව්‍යස්ථා සංශෝධනය යටතේ දින 07යි තියෙන්නෙ අධිකරණයට විරොධතා ඉදිරිපත් කරන්න. නිවාඩු දවස් එක්ක අධිකරණයට විරෝධතාවයන් ඉදිරිපත් කරන්න තිබුණෙ එකම එක දවසයි. මේ සම්බන්ධව කථිකාවක් ඇති කරන්න මුදල් කාරක සභාවට මේ පනත ගෙනාවෙ නෑ. අධීක්ෂණ කාරකසභාවක් පත් කළේ නෑ. මේ ගැන වාද විවාද කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ. මේ විවාදය කොවිඩ් අස්සෙ අපිම දාලා තියන නීති කඩාගෙන ඇවිත් කරන්න ඕන නෑ. සති දෙකකට මේක කල්දාමු කිව්වා. රජය එය ඇහුවෙත් නෑ.

ගරු අගමැති තුමනි. එවකට 2017 අග භාගයේ දී රජය වරාය නගරයේ නීතිමය හා ආයෝජන දිරිගැන්වීම් ගැන රාමුවක් හදන්න කමිටුවක් පත් කළා. මා ඒ කමිටුවෙ සභාපති ලෙස කටයුතු කළා. 2018 නොවැම්බර්වල එය ඉදිරිපත් කරන්න හිටියත් රටේ ඇතිවුණු දේශපාලන තත්වයන් නිසා 2019 සැප්තැම්බර්වලදි තමයි එම කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවෙත් අනුමැතිය සහිතව පිළිගන්න පුලුවන් වුණේ.

ඒ කෙටුම්පතේ මූලික කාරණ කීපයක් තිබුණා.

එක මේක විශේෂ ආර්ථික කලාපයක් විශේෂ සේවා සඳහා. දෙවැන්න තමයි බී.ඕ.අයි නීතිය යටතේ මෙය ක්‍රියාත්මක වෙන්නේ. එක කවුළුවකින් සියලු කටයුතු මෙහෙයවන්න කේන්ද්‍රගත කරනවා. අනික් ප්‍රධාන දේ මේක රජයේ සංස්ථාවක්. අනෙක් කාරණාව නිල බලයෙන් තමයි මේ කොමිසමේ සාමාජිකයො පත් කරන්නෙ කියන එක. දැවැන්ත බලයක් මේ කොමිසමේ සාමාජිකයන්ට තියන නිසා. මේ කෙටුම්පතේ අවසාන එහෙත් මූලිකම කාරණාව තමයි කොමිසම හරහා පාලනය වන හෙක්ටයාර 269 භූමිය පාර්ලිමේන්තුවට යටත්. පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට, ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන සම්පූර්ණ මුදල් බලයට ටයත් වෙන ආකාරයට තමයි පළවෙනි කෙටුම්පත තිබුණෙ.
අලුත් රජයේ අලුත් කෙටුම්පත

ඊට පස්සේ අපේ රජය පරාජය වෙලා අලුත් රජයක් පත් වුණා. ඊට පස්සෙ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ෆර්ඩිනන්ඩ්ස් කමිටුව පත් කළා. ඒ වාර්තාව 2020 ජූනි මාසයෙ ඉදිරිපත් වුනේ. එය අප ලඟ තියනවා. මම මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා මැතිතුමා එක්ක එකඟයි. එතුමා ඉදිරිපත් කළ ඒ කමිටු වාර්තාවෙ අප ඉදිරිපත් කළ කෙටුම්පතේ තිබුණු මූලික හරය ඒ විදිහටම තිබුණා. සියයට 95ක් තිබුණෙ මූලික මොඩලයම තමයි.
නමුත් ඊට පස්සෙ මොකද වුනේ.

 ජනාධිපතිගේ  සහ ජයසුන්දරගේ  කෙටුම්පත

ඊට පස්සේ ජයසුන්දර මූලිකත්වයෙන් වෙන් ඇති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළා කෙටුම්පතක්. මේ කෙටුම්පත ගරු අගමැති තුමා හා අප එකඟවුණු ඒ මූලික කාරණා සම්බන්ධයෙන් හාත්පසින්ම වෙනස්. ඒ නිසා තමයි මේ ගැටලු ඇතිවුනේ. ඉන් පස්සෙ තමයි රජයට අයිති සමාගම කියන මූලික සංකල්පය වෙනස් වුනේ.
ගරු අගමැති තුමනි. මේ ඔබතුමා ඉදිරිපත්කළ කොටුම්පත නොවෙයි. එහි තමයි තිබුණෙ මේ රාජ්‍ය සංස්ථාව කියන සංකල්පය. කොමිසමක් කිවුවට මේ සංස්ථාපිත මණ්ඩලයක්. ඒක රජයේ සංස්ථාපිත මණ්ඩලයක්. එයයි වෙනස් වුණේ.
මීට එරෙහිව පාර්ශව 18ක් ගියා ශ්‍රේෂ්ඨිධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනතට ගැහුවෙ කුළුගෙඩි පහරක්. ගහලා කිව්වෙ මේවා ව්‍යවස්ථාවට එකඟ නෑ. මේවා මෙහෙම කරන්න බෑ කියලා. පාර්ලිමේන්තුවෙන් එළියට මේක ගන්න බෑ කියලා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ජනාධිපතිවරයා වෙනුවට පුද්ගලික නීතිඥයෙක් ඉදිරිපත් වුණා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට සහ පී.බී. ජයසුන්දර වෙනුවෙන් නීතිඥයො ඉදිරිපත් වුනා. මුදල් අමාත්‍යාංශ ලේකම් ඉදිරිපත් කළ අදහස්, ජනාධිපති ලේකම් ඉදිරිපත් කළ අදහස් නීතිපති ඉදිරිපත් කළ අදහස් පරස්පරයි. අගවිනිසුරුතුමා කිව්වා මොකක්ද මේ වටලැවිල්ල. අපට මේක තේරෙන්නෙ නෑ. කරුනාකරලා ඔබලා ගිහින් තේරුම් අරන් අපට තේරුම් කරලා දෙන්න කිව්වා.

සංශොධනය විය යුතු කාරණා 08

අපි විරුද්ධ වෙනවා මූලික කාරණා 08ක් . ආයාචනා කරනවා ගරු අගමැති තුමනි. මේ සම්බන්ධව කටයුතු කරන්න. අපි පක්ෂ පාට භේදයකින් තොරව වරාය නගරය ගොඩනගන්න උදව් කරන්න සූදානම්. මේ මූලික කාරණා 08 ටඅවධානය යොමු කරන්න.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  1. මේක සංස්ථාපිත මණ්ඩලයක් කර රජය යටතටත ගන්න. පනත් කෙටුම්පතේ තියනවා මේකෙ මූලික අරමුදල ඩොලර් මිලියන 2යි. රුපියල් මිලියන 400යි. අප කතා කරන්නේ අනාගතයේ මිලියන 15000ක වැඩක් ගැන. දැනටමත් ඩොලර් මිලිය 1500ක් වියදම් කරලා. නමුත් අරමුදල ඩොලර් මිලියන 02යි. ඔබතුමා ඉදිරිත් කළ පනත් කෙටුම්පත කිව්වා ගරු අගමැති තුමනි මේ පාර්ලිමේන්තුව සම්මත කරපු ප්‍රමාණයක් යොදවන්න ඕන කියලා ඒ අරමුදලේ කොටසක් හෝ හැටියට. අපිත් කිවුවෙ එයයි. මේ කෙටුම්පතේ රජය කියන එක කුරුටු ගාලා අයින් කළා. ඇයි එහෙම කරන්නේ. කරුණාකර නැවත කල්පනා කරන්න.
  2. කොමිසන් සභා සාමාජිකයො. අපෙත් ඔබතුමාගෙ කෙටුම්පතෙත් තිබුණෙ නිල බලයෙන් පත් වෙන්න ඕන 5 සාමාජිකයො පස දෙනෙක් ගැන. උදාහරණ විදිහට මුදල් අමාත්‍යංශයෙ ලේකම්, නාගරික සංවර්ධන අධිකාරියෙ ලේකම්, මහබැංකුව අධිපති ආදී වශයෙන්. ඒක ඔයතුමා ඔබටත් වඩා සංශෝදනය කළා. ඔබතුමා අපටත් වඩා හොඳට එය සංශෝධනය කළා. ඔබතුමා කිව්වා පස් දෙනෙක් නෙමෙයි කිව්වා 7 දෙනෙක් දාන්න කිව්වා. ඒත් ජනාධිපති ඉදිරිපත් කළ කෙටුම්පතේ ඒ සියල්ල කුරුටු ගෑවා. කුරුටුගාලා කිව්වා ජනාධිපතිතුමා විසින් 05ක් හෝ 07ක් පත් කරනවා කියලා.
    අපි මෙහෙම හිතමු විනාඩියකට. ජනාධිපති තුමා මේ රට ගැන ආදරයක් ගෞරවයක් තියන පුද්ගලයෙක්. එතුමා මේ රටට අවැඩක් කරන්නෙ නෑ කියලා. අපි ඔක්කොම එතෙන්ට ඇවිත් මේ ගැන කතා කරමු. ගරු අගමැති තුමනි. ඔබතුමාගේ සහෝදරයා පත් කරනවා 07 දෙනෙක්. හොඳ කට්ටිය වෙන්න පුලුවන්. හැබැයි පුද්ගලයෙක් වටා නීතියක් හදන්න බෑ.
    අවුරුදු 20ක් කවුද ජනාධිපති. ඔබතුමා දන්ව ද? නෑ. 50කින් පස්සේ… හරි. රාජපක්ෂවරු ඔක්කොම රටේ ජනාධිපතිවරු වුනාට පස්සේ එන ජනාධිපති. එයා කවුද කියලා අපි දන්නෙ නෑ. ඇයි අපි දන්න නැති කෙනෙකුට ඔවුන්ට ඕන කෙනෙක් පත් කරන්න අවස්ථාව දෙන්නෙ. ඇයි අපි ඒක කරන්නෙ. ඒක කරන්න එපා ගරු අගමැති තුමනි. පත්කිරීමේ බලය දෙන්න. නමුත් ඒ බලය නිල බලයෙන් ලබා දෙන්න.

  3. 3 ඊලඟ එක තමයි නියාමනය. අගමැති තුමනි. ඔබතුමා මුදල් ඇමතිතුමා විදිහට හොඳට දන්නවා ඕනෑම තැනක ඔවුන්ගේ දේශිය නියාමනය ආයතනය මගින් තමයි මේවා නියාමනය වෙන්නේ. අපි විරුද්ධ වුනා මේ නියාමනය මහ බැංකුවෙන් එළියට අරන් මේ කොමිසමට බාරදෙන එකට. කොමිසමේ ඉන්නෙ ලාංකික පුරවැසියො කියන දේ පමණක් මදි. මේ කොමිසමට මේ බලය දෙන්න එපා. ඒක මහබැංකුවෙ තිබුනාවෙ. අපේ තර්ක ශ්‍රේෂ්ඨාධිකරණ පිළිගත්තා. මහබැංකුවට තියන බලය කොමිසමට දෙන්න එපා.
    හතරවනුව පාර්ලිමේන්තු බලය. ඔබගේ කෙටුම්පතේ මෙහෙම තිබුණෙ නෑ. එහි තිබුණෙ පාර්ලිමේන්තුවට ගේන්න ඕන කියලා මේ රෙගුලාසි. මේ ඉදිරිපත් කළ පනත තියනවා වරාය නගරයෙ ආයෝජන සම්බන්ධ දේවල් පාර්ලිමේන්තුවට ගේන්න ඕන නෑ. පාර්ලිමේන්තුවට දැනගැනීම සඳහා පමණක් සභාගත කරන්න කියලා. කෝ අපට ව්‍යවස්ථාවෙන් ලැබිලා තියන බලය. මුදල් බලය පාර්ලිමේන්තුවට නම් තියෙන්නෙ කොමිෂන්වරු හත් දෙනෙක් පාර්ලිමේන්තුව ඉක්මවලා මේ වැඩේ කරන්නෙ කොහාමද? පාර්ලිමේන්තුබලය හීනකරන්න එපා. ඒක කරන්න එපා කියලා අධිකරණය කිව්වා.
    ඔබ කියනවා දේශීය ව්‍යාපරයන්ට ශක්තියක් වෙනවා කියලා. මේකෙ එක කොන්දේසියක් තියනවා. කවුරුහරි වරාය නගරයෙ ලියාපදිංචි වුනොත් ඒ අයට පුලුවන් ලංකාවෙ ඕන තැනක බදු සහන ඇතිව ව්‍යාපාර කරන්න. ලියාපදිංචි කරන්නෙ මේ කමිටුව. ඔවුන් සියලුම බදු සහන ඇතිව ඔවුන්ගේ ව්‍යාපාර රට පුරා ව්‍යාප්ත කරනවා. දේශීය ව්‍යාපාරවලට මොකද වෙන්නේ. අගය වැඩි හරියක් වරායට නගරයට. අඩු හරියක් වෙන් කරනවා පිට තියන තමන්ගේ තමන්ගෙ ව්‍යාපාරයට. බදු නොගෙවා ලාභ ගන්නවා. එක් අප්‍රසන්නයි කියලා අයින් කරන්න කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණය. සම්මත කරගන්න නම් තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි කිව්වා. මේ ඔබතුමාගෙ කෙටුම්පත නෙමෙයි.
    ප්‍රජා රීති හදන්න බලය දුන්නා අර කොමිසමට. මගෙන් මේ ප්‍රශ්නය ඇහුවා නා හිමිවරු. අපේ සංස්කෘතියක් තියනවා. ඒව අපට තියන අයිතීන්. ඒවා වෙනස් කරන්න කෙමිසමකට අයිතිය දෙන්නෙ කොහොම ද?. අපේ ශ්‍රේෂ්ඨාධීකරණය ඒක කුඩු කළා. අපේ තර්ක පිළිගත්තා. තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් කරන්න ඕන කියලා.
    මේ වරාය නගරයට සංචරණ සීමා දාලා තිබුණා. මේක අපේ රටේ කොටසක් නම් අපිට ඒකට යන්න බැරි වෙන්න සංචරණ නීති දාල කවුද මේක ලිවුවෙ. අපේ රටේ පුරවැසියෙකුට වරාය නගරයට ඇතුළුවෙන්න අවසරයක් ලබාගන්න ඕන ඇයි?. එදා අපේ රට ඇතුළෙ සංචරණ සීමා නැති කරන්න තමයි යුද ජයග්‍රහණය කළේ. එහෙනම් අපි නීතිය හරහා සංචරණ සීමා දාලා රට වෙන් කරන්නෙ ඇයි?. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා සංචරණ සීමා දාන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕන කියලා.
    මේ රටේ මිනිස්සුන්ට ආයොජනයක් කරන්න අවස්ථාවක් තියෙන්න ඕන අගමැති තුමනි. ඒක නවත්වන්න එපා. දේශීය ව්‍යාපාරිකයාට උදවු කරනවා නම් ඒ ව්‍යාපාරිකයා අපනයනය හරහා උපයාගෙන ලංකාවෙ බැංකුවල තැන්පත් කරලා තියන ඩොලර් ටික ආයෝජනය කරන්න දෙන්නෙ නැත්තේ. ඒ තහනම කරන්න එපා.
    මේ මූලික කාරණා 08 නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අපි විරුද්ධත්වය ප්‍රකාශ කළේ.
    ශ්‍රේෂ්ඨාධිකරණය බැලුවෙ මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියලා විතරයි. අපි දන්නවා ව්‍යවස්ථාවට එහා ගිය ප්‍රතිපත්තිමය දෙයක් රටක් සම්බන්ධව තියනවා. විදේශිකයො අගවිනිසුරුවරයා ලෙස පත්වෙන්න අගවිනිසුරුවරු වුනත් වෙන්න පලුවන්. ඒක ද ප්‍රතිපත්තිය. මේ භූ දේශපාලන ප්‍රශ්නය දිහා බලමු. මේ වරාය නගරය තුළ ලෝකයම එකමුතු කරමු.
    අපි සංශෝධන 08ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ මේ කාරණා සම්බන්ධව පමණයි. අපි සංශොධන ඉදිරිපත් කරනවා. අපි සාකච්ඡා කරමු. සද්භාවයෙන් නම් සහයෝගය ඉල්න්නෙ අපි සද් භාවයෙන් සාකච්ඡා කරමු. එකඟවෙමු.

Exit mobile version