භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

රජය සමග එක්ව වැඩ කළ හැකි විදිහ ගැන සුමන්තිරන් කියයි..

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සිදු කෙරන දේශපාලන කතා බහ දෙමළ ජාතික සන්ධානයට  ප්‍රශ්නයක් නොවන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය. 

නව ව්‍යවස්ථා සංශෝධනය තුළින්   මේ රටේ ජාතික ප්‍රශ්නය විසදීමට ස්ථිරසාර පියවරක් අනුගමනය කරන්නේ නම් රජය සමග එකට කටයුතු කිරීමට හැකි බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා කීවේය.   

ව්‍යවස්ථා කෙටුම්පත් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ  සාකච්ඡාවෙන් පසුව මන්ත්‍රීවරයා පැවසුවේ  පසුගිය වසර 87 ක කාලය මුලුල්ලේම උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා දෙන අන්දමේ  ව්‍යවස්ථා සංශෝධනයක් මේ රටේ සිදුව නොමැති බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1987 වසරේදී යළි මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යමක් ලබා දෙන්නට උත්සාහයක් ආරම්භ වූ බවත් ප්‍රකාශ කරණ සුමන්තිරන් මන්ත්‍රීවරයා ස්ථිර ලෙස ජාතික ප්‍රශ්නය විසදීමට ව්‍යවස්ථා මගකට රජය අවතීර්ණ වන්නේ නම රජය සමග එකට වැඩ කිරීමට දෙමළ ජාතික සන්ධානයට පමණක් නොව සියලුම දෙමළ දේශපාලන පක්ෂ වලට හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.

 

Exit mobile version