සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

by editor
ජූලි 5, 2026
in සමාජ
dengue-death
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩෙංගු අධි වසංගත තත්ත්වයක් අතට හැරෙමින් පවතී. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව 2026 ජූලි 03 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810 ක් දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පසුගිය දින තුන තුළ මේ වසරේ වසංගත තත්ත්වය තුළ ඉහළම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති බවය.

ඩෙංගු යනු හුදු වසංගතයක් පමණක් නොවේ. එය සමස්ත සමාජයක ජීවන පැවැත්මේ විනය, වගකීම සහ පරිණතභාවය සම්බන්ධයෙන් කෙරෙන බරපතළ ප්‍රකාශනයකි. තමන්ගේ ගෙවත්තේ වතුර පිරෙන පොල්කටුවක්, ටින් එකක් ඉවත් කිරීමට තරම් ස්වයං විනයක් නැති මිනිස්සු, තමන්ගේ නිවසේ ජීවත් වන දරුවාට ඩෙංගු වැළඳුනු පසු රජයට සහ සෞඛ්‍ය අංශවලට දොස් නැඟීමට පෙළඹෙති. මෙය එක්තරා ආකාරයක අවිචාරවත්, වගකීම් විරහිත හැසිරීමක් වන අතර, මෙම තත්ත්වය නිවැරදි කළ හැක්කේ හුදු උපදෙස් දීමෙන් නොව දැඩි නෛතික ක්‍රියාවලියක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බව පැහැදිලිය.

  • රෝගීන් වාර්තා වීම වේගවත් වෙයි

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කරන්නේ, ජූලි මාසයේ මුල් දින තුන තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3,422 කු අලුතින් හඳුනාගෙන ඇති බවය. පසුගිය ජුනි මාසය පුරා ද රෝගීන් 21,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූයේය. දැන් එම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් ජූලි මාසයේ මුල් දින කිහිපය තුළ මෙලෙස රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

දැනට පවතින තත්ත්වය අනුව ඩෙංගු වසංගතයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ බස්නාහිර පළාතය. එහි අධි අවදානම් කලාප 23 ක් හඳුනාගෙන තිබේ. මෙම අවදානම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන්, ප්‍රජා සංවිධාන මෙන්ම යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව විශේෂ ඩෙංගු මර්දන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් බස්නාහිර පළාත තුළ මේ වන විටත් දියත් කර ඇත.

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක ඇතුළත් බස්නාහිර පළාතෙන් මෙලෙස වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වේ. ප්‍රධානතම හේතු වී ඇත්තේ අධික ජන ඝනත්වය, නාගරික පරිසරය තුළ මදුරුවන් බෝවන ස්ථාන බහුල වීම සහ මෝසම් වැසි හේතුවෙන් තැනින් තැන ජලය රැඳී පැවතීමය. කෙසේ වෙතත් බස්නාහිර පළාතට අමතරව දිවයිනේ සෙසු පළාත් රැසකට ද මේ වන විට රෝගයේ බලපෑම එල්ල වී තිබේ.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

  • මරණ සංඛ්‍යාව සහ අවදානමට ලක්වූවන්

රට තුළ මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ සෑම මරණයක්ම නිරපරාද මරණය. සමස්ත රෝගීන් සංඛ්‍යාව හා සසඳන විට මරණ අනුපාතය සියයට 0.06 ත් 0.07 ත් අතර වැනි සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව සැබෑය. නමුත් සිදුව ඇති මරණ සංඛ්‍යාව කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බව සමාජයක් ලෙස අවබෝධ කරගත යුතුය. රෝගීන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මේ වන විට රෝහල් පද්ධතිය මත දැඩි පීඩනයක් එල්ල වී ඇත. උපරිම සම්ප්‍රේෂණ කාලසීමාව තුළ රෝහල්වල සම්පත් කළමනාකරණය කර ගැනීම ද බරපතළ ගැටලුවක් වී තිබේ.

  • බලධාරීන්ගේ ප්‍රකාශ සහ බිම් මට්ටමේ ඇත්ත තත්ත්වය

පසුගිය බදාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වේගය අඩුවෙමින් පවතින බවය. දිනකට වාර්තා වන නව රෝගීන් සංඛ්‍යාව 650 ත් 740 ත් අතර මට්ටමකට පහත වැටී ඇති බව හෙතෙම කීවේය. එසේ වුවද ජනතාව තම අවධානය සහ සුළු හෝ නොසලකා හැරීමක් සිදු නොකළ යුතු බව අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ජූලි මාසයේ මුල් දින තුන තුළ පමණක් රෝගීන් 3,422 ක් වාර්තා වීම සම්බන්ධව ඩෙංගු මර්ධන අංශ දැන් අනාවරණය කරයි. දිනකට වාර්තාවන රෝගීන් ප්‍රමාණය දල වශයෙන් 1140ත් ඉක්මවා ගොස්ය. ඇමතිවරයාගේ උපකල්පිත දත්ත මිත්‍යාවක් බව ඇමතිවරයාගේම නිලධාරීහු කියති. ඇමති කියන ආතල් නැත. බිම් මට්ටමේ පවතින තත්ත්වය තවදුරටත් ඉතා බරපතළ සහ අවදානම් සහගත ය. දේශපාලන ප්‍රකාශ සහ ප්‍රායෝගික දත්ත අතර මරණීය අන්තරයක් නිර්මාණය වෙමින් ඇත. මිනිසුන් විවේචනය කරන්නේ මෙන්න මේ ගොබ්බකමය.

ඩෙංගු වසංගතයේ කරවටක් ගිලුනු පසු රටට ලෝකයට පෙනෙන්නට ධූමායනය කරමින් කුනු කසල අදිමින් ත්‍රවිධ හමුදාව යොදවා මෙහෙයුම් කරමින් කළ හැකි වන්නේ සංදර්ශන පමණි. මක්නිසාද යත් ඩෙංගු අහම්බයක් නොව මේ රටේ වාර්ෂික චක්‍රයකට අනුගතව මතුවන තත්ත්වයක් බැවිනි. එය පාරිසර පරිහරණයේ අශිෂ්ඨත්වයේ ප්‍රතිඵළයකි. පාසල්, ඉදිකිරීම් භූමි සහ අතහැර දමා ඇති ඉඩම් නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම, ප්‍රජා මට්ටමින් විධිමත් කසළ කළමනාකරණයක් පවත්වාගෙන යාම සහ දිගුකාලීන නාගරික සැලසුම්කරණයක් ක්‍රියාත්මක කිරීම සහ දැඩි නෛතික රාමුවක් හරහා ජන ජිවිතය හික්මවීමෙන් පමණක් පාලනය කළ හැකි තත්ත්වයකි. එය කළ හැක්කේ දේශපාලනයට නිසි දැක්මක් සහ සැලසුමක් ඇතිනම් පමණි.

  • වාර්ෂික රටාවක් වසංගතයක් වීමට ඉඩ හරින සමාජය සහ ආණ්ඩුව

පෙර වසර සමඟ සැසඳීම: 2025 වසරේදී සමස්ත ලංකාවෙන්ම වාර්තා වූයේ ඩෙංගු රෝගීන් 51,000 ක් පමණි. නමුත් 2026 වසරේ මැද භාගය වන විටම එම සංඛ්‍යාව අභිබවා ගොස් තිබීමෙන් තත්ත්වයේ බරපතළකම වටහා ගත හැකිය.

ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාව තුළ ඇති වන මෙවැනි වසංගත තත්ත්වයන් යනු වාර්ෂිකව නියත වශයෙන්ම සිදුවන දේශගුණික රටාවන්ය. කිසිවකු නොදන්නා, අහඹු ලෙස කඩාපාත්වන කිසිවක් මෙහි නැත. සාමාන්‍ය ගම් මට්ටමේ වෙසෙන ජනතාව පවා මෝසම් වැසි වසින මැයි, ජූනි සහ ජූලි යන කාලසීමාවන් තුළ ඩෙංගු රෝගය පැතිර යන බව හොඳින්ම දනිති. එය රටේ පවතින සාමාන්‍ය සමාජ දැනුමකි. එහෙත්, ගැටලුව වන්නේ මෙම සාමාන්‍ය දැනුම ක්‍රියාවට නැංවීමට තරම් විනයක් ජනතාව තුළ නොමැති වීම සහ එය දැන දැනම වසංගතයක් වීමට ඉඩ හරින මිනිසුන් සමාජය තුළ බහුල වීමය.

අනෙක් අතට, මෙම වාර්ෂික රටාව කල්තියා හඳුනාගෙන එය පාලනය කිරීමට ක්‍රමවේදයක් හෝ දිගුකාලීන සැලසුමක් සකස් කිරීමට මෙරට පාලනය කළ කිසිදු ආණ්ඩුවකට හැකියාවක් නොලැබිමය. හැමදාමත් සිදුවූයේ වසංගතය පැමිණි පසු කලබල වී තාවකාලික පැලැස්තර දැමීම පමණය. අද පවතින ආණ්ඩුව ද ක්‍රියා කරන්නේ එම පැරණි, අසාර්ථක ප්‍රතිපත්තිය මතමය. ඇත්තටම අපට දුක හිතෙන්නේ ඒ නිසාය.

ආණ්ඩුව තිබෙන්නේ හැම දෙයක්ම කරන්නට නොවේ. කළ යුතු දේ කළ යුතු බව සමාජයට දැඩිව ඇඟවිම සඳහාය. උදාහරණය ඩෙංගුය. ඩෙංගු ඇතිවිම වැලැක්විමට  ආණ්ඩුවට පුලුවනක් කමක් නැත. එය මිනිස්සු ලවා ආණ්ඩුව විසින් කරවිය යුතුය. එසේ කරන්නට බැරිවන ආණ්ඩුවක් මිනිස්සු අතර පජාත වී යන්නේය. ඔවුන් කියන්නේ ඒ ආණ්ඩුව වැඩක් කරන්නට බැරි කොන්දක් නැති නපුංසක ආණ්ඩුව ලෙසය. ඒ මිනිස්සුන්ගේ හැටිය. මිනිස්සු වෙනස් වන්නේ නැත. එහෙත් උන් උන්ව වෙනස් කරගැනීම වෙනුවෙන් ආණ්ඩු  පත් කර ගනිති. . උන් බලන් ඉන්නේ ආණ්ඩු උන්ව වෙනස් කරන තුරුය.  ඒ වෙනස සිදුකරන්නට බැරිවන්නේ නම් එහි අයහපත ආණ්ඩුවටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිය ඝාතන අපරාධයට සම්බන්ධ රියදුරු මාලදිවයිනේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එයි!

Next Post

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

Related Posts

සමාජ

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

ජූලි 23, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.