කොවිඩ් නිසා වියැකී යන දරුවන්ගේ සතුට…

ප්‍රවීණ ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පී, ලේඛක ශෂි සුබ්‍රමනියම් විසින් ඩී. සුඩ්ඕෂ්වයිස් (Did Sudostschweiz) පුවත්පතට ජර්මන් බසින් ලියන ලද ලිපික  පරිවර්තනයකි.                                                                                    ලංකාසර වෙනුවන් ජර්මන් බසින් සිංහලට නැගුවේ 

සුනේත්‍රා ඇතුගල්පුර

කොරෝනා වසංගතය විසින් අපගේ ජීවිතයට එල්ල කළ ප්‍රධානතම බලපෑම් නම් අපගේ විනෝදයේ සීමා සලකුණු  කිරීමය. අපගේ ජීවිතයට විනෝදය ගෙන එන උත්සව හා හමුවීම් , බහුතරයක් දැනටමත් එමගින් අවලංගු කොට තිබේ .

කොරෝනා වසංගතය ළමුන්ගේ විනෝද ජීවිතයට එල්ල කොට ඇත්තේ කුමන බලපෑමක් ද ?


helloween රාත්‍රිය සදහා සැරසුණු සිඟිත්තියක්…

ළමුන් ස්වභාවිකම සතුටින් සිටින පිරිසකි .ඊට හේතුව වන්නේ ඔවුන්ගෙ විනෝදය අනිකා මත දැඩි ලෙස රදා නොපවතින බැවිනි. වැඩිහිටි අපගේ විනෝදය එසේ නොවේ. එය අනෙකා සමග බැඳී පවතී .
helloween රාත්‍රිය ළමුන්ගේ විනෝද රාත්‍රියකි. මම වසර කිහිපයක් අනුක් සහ සංජලී සමග ගෙයින් ගෙට ගොස් helloween රාත්‍රිය සැමරූ අතර ළමුන් නැවත පැමිණියේ විශාල රසකැවිලි පොදියක් සමගිනි .

මේ වසරේ ඊට මා තුළ එතරම් විශාල ඇල්මක් නොතිබුණු අතර ඒ සඳහා බලපෑම් කළේ මගේ දියණියයි .
ඒ අනුව අපි රාත්‍රී 6.30 ට පමණ නිවසෙන් පිටතට ගියෙමු .ඒ වන විටත් මුළු පලාතම කළුවර වී තිබිණි .සංජලී හා අනුක් මුලින්ම ගිය නිවෙස් කීපයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ . අනතුරුව සංජලී ගෙ යෝජනාව වූයේ සිය පාසල් මිතුරෙකු වන ජැක්ස් ගේ නිවසට යාමය. සංජලී ගෙ යෝජනාව ඵල දැරූ අතර ජැක්ස් අනුක් ට හා සංජලී ට යහමින් රසකැවිලි ප්‍රදානය කළේය.

ජැක්ස් අනුක් ට හා සංජලී ට යහමින් රසකැවිලි ප්‍රදානය කළේය

ඉන් අනතුරුව ළමුන් දෙදෙනා ගමන් කළේ ගිය වසරේ ඔවුන්ට රස කැවිලි වලින් සංග්‍රහ කළ තවත් නිවසකට ය  එම නිවසට ඇතුළු වන දොරටුව අසල රසකැවිලි බහලු වට්ටියක් තිබිණි. කොරෝනා වසංගතය නිසා දරුවන්ගේ සතුට නැති කළ යුතු නැති බව මෙම අසල්වැසියා සිතා ඇති බවට මෙය කදිම නිදසුනකි .

හෙලෝව්න් දින රාත්‍රියේදී විවිධ ඇදුම් වලින් සැරසුණු ළමුන් බොහෝ පිරිසක් දක්නට ලැබුණත් මෙවර එය එසේ නොවිණි. මග තොටේ දී අපට හමු වුණේ සීමිත ළමුන් පිරිසකි. ගෙවත්තක් සහිත එක් විශාල නිවසක ළමුන් සෙල්ලම් කරන හඬක් ඇසුණි. ඇතැම් විට ඔවුන් ගෙමිදුලේ hellowing රාත්‍රිය සැමරුවා වන්නට ඇත. එම නිවසේ දොරටුව අසලට අප ළඟා වන විට දරුවෙකුගෙ කටහඬින් මෙවැන්නක් ඇසුණි .

“corona නිසා අපි රසකැවිලි දෙන්නෙ නැහැ ,සමාවෙන්න “දරුවා කීවේය .

පහන් දල්වා රසකැවිලි වට්ටියක් දරුවන් වෙනුවෙන් තබා තිබූ අයුරු

එසේ නමුත් තමුන්ට ලැබුණු රස කෑලිවලින් අනුක් හා සංජීලි සතුටු බවක් පෙනිණි.

පැයක පමණ කාලයකට පසුව අප නිවස කරා පැමිණෙන අතර තුර මහ මගදීම ඔවුන් දෙදෙනා රසකැවිලි වල රස බැලීමද ආරම්භ කොට තිබිණි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවසට පැමිණී මට දැනුන දෙයක් වන්නේ මෙවර helovin එතරම් විනෝදයක් ගෙන නොදුන් බව ය. නමුත් සංජලී හා අනුක් සිටියේ සතුටිනි. ඒ විනෝදය තිබෙන්නේ තමා ගෙන් පිටත නොව ,තමා තුළ බව පසක් කර දෙමිනි .

 

 

Exit mobile version