අවුරුද්දකට වතාවක් පුංචි උන්ට දුමක් අදින්න දෙන අරුම පුදුම ස්විස් උත්සවය

සුනේත්‍රා ඇතුගල්පුර –

-ඡායාරූප ශෂී සුබ්‍රමනියම් –

( ස්විස්ටර්ලන්තයේ සිට ) නීත්‍යානුකූලව දුම් පානය කිරිම සඳහා ළමුන්ට අවසර දෙන සාම්ප්‍රදායික උත්සවයක් පිළිබඳව ඔබ අසා ඇතැයි නො සිතමි. අයෙකුට එවැන්නක් විශ්වාස කිරීමට ද අපහසු විය හැක. එහෙත් එය සත්‍යයකි .
ඊටත් වඩා පුදුමය වන්නේ යුරෝපයේ අති දියුණු ධනවත් නීතිය සහ සාමය දැඩිව ක්‍රියාත්මක වන රටක ළමුන්ට දුම් පානය කිරීමට අවස්ථාව ලබා දීමයි .
මෙම සාම්ප්‍රදායික උත්සවය පැවැත් වෙන්නේ ස්විස්ටර්ලන්තයේ ය. ඊටත් වඩා එය අප ජීවත් වෙන ග්ලාරුස් පළාතේ සුවිශේෂී උත්සවයක් වීම විශේෂත්වයකි .

ස්විට්සර්ලන්තයේ පළාත් විසිහයක් පවතින අතර ඉන් මිනිස් රූපයක් සහිත පළාත් ධජය පවතින්නේ ග්ලාරුසහිය. එහි සිටින්නේ ශාන්තුවරයෙකු වන ශාන්ත ප්‍රිඩෝලීන් (fridolin) මුණිවරයාය. සෑම වසරකම මාර්තු (6) වැනිදා පිඩෝලීන් දිනය ලෙස ග්ලාරූස් වැසියෝ සමරති. එදින සවස හිරු බැස යාමත් සමග කල්තියා දැව වලින් සකස් කළ ගිනි මැල යකට ගිනි තබා ග්ලාරුස් වැසියෝ මෙම දිනය සමරති. එය හැඳින්වෙන්නේ පිඩෝලීන් පොයර්(fridolin freuer) ලෙසය.


එදින ඇතැම් ස්ථානයන්හි දී ළමුන්ට දුම් පානය සඳහා අවසර ලැබේ. ඇතැම් දරුවන්ට තම දුම් වැටිය සිය දෙමාපියන් ගෙන්ම ලැබීම විශේෂත්වයකි. ඔවුන්ගේ දුම්වැටි මව හෝ පියා විසින් අවුළුවා දීම ද අදහාගත නො හැකි විශේෂත්වයකි. බොහෝ විට මෙලෙස දුම් පානය කරන්නේ වයස අවුරුදු 6 ට වැඩි ළමුන්ය. දුම් වැටි වලට අමතරව සුරුට්ටු , දුම් පයිප්ප හා ඊ  සිගරට් ඔවුහු උරති. බොහෝ විට මේ දරුවන්ගෙන් දක්නට  ලැබෙන්නේ දරුණු කැස්සකි.

තවත් සමහර ළමුන් වැඩිහිටියන් මෙන් සිගරට් උරති. ඒ අතර ගැහැණු ළමයින් ද සිටිනු දැකීම තවත් අපූර්වත්වයකි. මේ සියල්ල දෙස බලා සිටින දෙමාපියන් ඉන් ලබන්නේ රසාස්වාදයකි.
ග්ලාරුස් පළාතේ බොහෝ දෙනාගේ පළමු දුම්වැටි අත්දැකීම සිදුවන්නේ මෙහිදීය. ඒය ඔවුන් මෙනෙහි කරන්නේ ඉතා සතුටිනි.

කෙසේ නමුත් සියලු වැඩිහිටියන් මෙම සාම්ප්‍රදායික උත්සවයට කැමැත්තක් දක්වන්නේ නැත. මෙමගින් ළමුන් දුම්වැටි සඳහා ඇබ්බැහි වන බව ඔවුන්ගේ මතයයි. එ බැවින් ඇතැම් ස්ථාන වලදී ළමුන්ට ප්‍රිඩොලින් ගේ දිනයේ දී දුම් පානය කිරීම සඳහා ඉඩ ලබා දෙන්නේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ළමුන් දුම් පානය කරනු මුල්වරට දකින්නෙකුට ක්ෂණිකව විශ්මයට පත් වීම පුදුමයක් නොවේ. එයිනුත් ඒ සඳහා දිනයක් වෙන් කර තිබීම වඩාත් විස්මය ජනකය.

 

Exit mobile version