ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍යයක් හොඳම නාට්‍ය ලෙස ජාත්‍යන්තර සම්මාන දිනයි…

තුෂාරී කළුබෝවිල –

දෙස් විදෙස් සම්මානනීය ප්‍රවීණ නාට්‍යවේදී එම්. සෆීර්ගේ “ඉන්ටර් ඇක්ට් ආර්ට්” නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ, සුජීව පතිනිසේකර අධ්‍යක්ෂණය කළ “අන්ටච්ඩ්” (untuched) වේදිකා නාට්‍ය ඊජිප්තුවේ ශාම් එල් ශේක් ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ ඒක පාත්‍ර අංශයේ (mono drama) හොඳම නාට්‍ය ලෙසට සම්මාන දිනාගෙන තිබේ.

සම්මානය දිනාගත් අවස්ථාව

මෙම නාට්‍ය උළෙල පසුගිය නොවැම්බර් 6 වැනිදා සිට 12 වැනි දා දක්වා ඊජිප්තුවේ ශාම් එල් ශේක් හිදී පැවති අතර මේ සඳහා රටවල 21කින් නිර්මාණ ඉදිරිපත් කර තිබුණි.

මෙම නාට්‍ය උළෙල සඳහා අයදුම්පත් 302ක් ලැබී තිබුණු නමුත් එයින් අවසාන වටය සඳහා තේරී තිබුණේ නිර්මාණ 21ක් පමණි. ඒ අතරට ශ්‍රී ලංකාව නියෝජනය කළ “අන්ටච්ඩ්” (untouched) නාට්‍යය ද තේරුණු අතර එය එම නාට්‍ය උළෙලේ ඒක පාත්‍ර අංශයේ ප්‍රථම ස්ථානයට හිමි ‘මොහොමඩ් සයීෆ් අල් අෆ්කාම්’ සම්මානය දිනා ගන්නට සමත් විය.


නාට්‍යයේ ජවනිකාවක්… සුබුද්ධි ලක්මාලි රූපණයෙන් එක් වෙමින්…

ශ්‍රී ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙම නාට්‍ය උළෙලට නාට්‍යයක් ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එහිදී හොඳම නාට්‍ය ලෙස සම්මානයක් දිනූ පළමු අවස්ථාව ද මෙයයි.

මෙම නාට්‍යයට රංගනයෙන් දායක වූයේ එක් ශිල්පියෙක් පමණි. ඒ එක ම ශිල්පියා වූයේ සුබුද්ධි ලක්මාලි ය.

රංග වින්‍යාසය, පසුතල නිර්මාණය සහ වේදිකා කළමනාකරණය එම්. සෆීර් විසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංගීතය සාගර විජේසිංහ, රංගාලෝකය වසන්ත කුමාර හා සුජීව පතිනිසේකර, වේදිකා කළමනාකරණය නිරෝෂ් කවිරත්න සහ එම්. ශාරෆ්ගෙනි. රචනය සහ අධ්‍යක්ෂණය සුජීව පතිනිසේකර විසිනි. මෙම නාට්‍ය එම්. සෆීර් ප්‍රමුඛ ඉන්ටර් ඇක්ට් ආර්ට් කණ්ඩායමේ නිෂ්පාදනයකි.

Exit mobile version