රටවල් 197ක නිර්මාණ 7000ක් අභිබවා සම්මාන දිනූ හසන්තගේ “මට්න්“…

ලලිත් චාමින්ද –

ගාල්ල කිතුලම්පිටියේ පදිංචි ශ්‍රිලාංකික තරුණ සිනමාකරුවෙකු වන හසන්ත දිසානායක    විසින්  තිර රචනය කොට අධ්‍යක්ෂණය කරණු ලැබු “මට්න්“  නම් කෙටි චිත්‍රපටය  තුර්කියේ පැවති  ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර්  සිනමා ශිෂ්‍ය කෙටි චිත්‍රපටි උළෙලේ දි ජයග්‍රහණය කොට ඇත.

07 වැනි සකර්යා  ජාත්‍යන්තර් කෙටි චිත්‍රපටි උළෙලෙහි තරගකාරි අවසන් වටයෙන්  මට්න්   කෙටි චිත්‍රපටිය ජයග්‍රහණය කොට ඇත.

කැළණිය විශ්වවිද්‍යාලයේ  සිනමාව හා රුපවාහිණි අධ්‍යාපන පිළිබද  උපාධිය හිමිකරගෙන ඇති  හසන්ත දිසානායක   එහි අවසන් වසරේ නිර්මාණය සදහා මට්න්  කෙටි චිත්‍රපටය නිර්මාණය කොට ඇත. 


මෙය විනාඩි 12ක කෙටි චිත්‍රපටියකි. ප්‍රකට නවකථාකරුවෙකු වන  රෝලඩ් ඩාල් විසින් රචිත  ලැම්බි ටු ද  ස්ලෝටර් නම් නව කථාව ඇසුරෙන් හසන්ත දිසානායක   මෙම  කෙටි චිත්‍රපටය නිර්මාණය කොට ඇත. 

රටවල්  197ක  නිර්මාන 7000ක් අතුරින්  හසන්ත දිසානායක තරුණ සිනමාවේදියගේ මෙම කෙටි චිත්‍රපටය ජයග්‍රහණය කිරිම  විශේෂත්වයකි.

හසන්ත දිසානායක විසින්  නිර්මාණය කරණු ලැබු  මෙම  කෙටි චිත්‍රපටය   භුතානයේ  ඩිරක් ජාත්‍යන්තර් චිත්‍රපටි උළෙල, ඉරානයේ  මුවින්, ඉන්දියාවේ මැද්‍රාස් ස්වාධින,  නයිජිරියාවේ  බයෙල්සා යන චිත්‍රපටි උළෙල  සඳහා  ඉදිරිපත්කොට ඇගයිමට පාත්‍රවි ඇත.

කුඩාකල සිට රංගනයට  නිර්මානකරණයට ඇලුම්කළ හසන්ත ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි. 

හසන්ත සිය පළමු නිර්මාණය 2016 වර්ෂයේ දි සිදුකොට තිබු අතර  එම කෙටි චිත්‍රපටය  ඔස්ට්‍රේලියාවේ  සිඩ්නි නුවර පැවති තරගාවලියක දි  ජනප්‍රියම කෙටි චිත්‍රපටියට හිමි සම්මානය දිනා ගනු ලැබිය. 

හසන්ත මෙම මස 20 වැනි දින මෙරටට පැමිණිමට නියමිතව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 .

Exit mobile version