2011 ලෝක කුසලානයේදී කාසිය දෙවරක්ම උඩ දමන බව කපිල්දේව් කලින් කියලා

හිටපු ශ්‍රී ලංකා නායකයෙකුට කපිල්දේව් කී බව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් තැන තැන කියපු කතාව ඇත්තද?

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාව

 

ආන්දෝලනයට තුඩු දී ඇති 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දෙවරක් උඩ දමන බවට හිටපු ඉන්දීය ක්‍රිකට් නායක කපිල් දේව් තරගයට කලින් දිනයේ දැන සිටි බවට හිටපු ශ්‍රී  ලංකා ක්‍රිකට් නායකයකු සඳහන් කරයි.

කපිල් දේව් යනු ඉන්දියාවට 1983  දී පළමු වරට ක්‍රිකට් ලෝක කුසලාන දිනා දුන් නායකයාය. කපිල්දේව් ආරම්භක වේග පන්දු යවන්නෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයකි. අයි.පී.එල්. ආරම්භ කිරීමට පෙර සී.පී.එල්. නමින් පළමු වරට ඉන්දියානු විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් තරගාවලියක් ආරම්භ කිරීමේ මුලසුන ගත් පුද්ගලයෙකි. පසුව එය නීති විරෝධී බවට ඉන්දියානු ක්‍රිකට් ආයතනය තීරණය කිරීමත් සමග අයි.පී.එල්. ආරම්භ විය.

කෙසේ වෙතත් ලෝක කුසලානයේ   කාසියේ වාසිය දෙවරක්ම   උඩ දමන බවට කපිල්දේව් දැනගෙන සිටියේය.


2011 ලෝක කුසලානයේ කාසියේ වාසිය දෙවරක් උඩ දැමීමට සිදු වුයේ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි සහ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර දෙදෙනාම වාසිය තමන් සතු කරගත් බවට විශ්වාස කිරීම හේතුවෙනි. නමුත් කාසියේ වාසිය උඩ දැමීමට පෙර අදාළ කාසියේ දෙපැත්ත හෙඩ් සහ ටේල් යනුවෙන් දෙදෙනාම අවබෝධ කර ගනියි.

මුම්බායි හී වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති එම අවසන් මහා තරගයේදී ඉන්දියානු නායකය දෝනි විසින් උඩ දැමු කාසියේ වාසිය හෙඩ් යනුවෙන් සංගක්කාර වාසිය ඉල්ලුවේය.  ඒ අනුව සංගක්කාර කාසියේ වාසිය දිනා ගත්තද දෝනි පවසන්නේ ඔහු එය දිනා ගත් බවයි. විස්තර විචාරක රවී ශාස්ත්‍රිද ‘කෝල් හෙඩ්’ යනුවෙන් හඬ නගා කියද්දී දෝනි කියන කතාව වෙන එකකි.

අවසානයේදී රවී ශාස්ත්‍රි ඇසුවේ මොන පැත්තද හෙඩ්, මොන පැත්තද ටේල් යනුවෙනි.

තරග තීරකවරයා යළිත් හෙඩ් ටේල් දෙදෙනාට පෙන්නා කාසියේ වාසිය දෙවැනි වරටත් උඩ දැමීමට නියම කළේය. දෙවැනි වරද කාසියේ වාසිය කුමාර් සංගක්කාර දිනා ගනිමින් පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට තෝරා ගත්තේය.

අදාළ ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය විශේෂිත කාසියක් ලෙසින් සකස් කර තිබු අතර එහිදී නායකයන් දෙදෙනා කාසියේ වාසිය උඩ දමන විට තරග තිරක ජෙෆ් ක්‍රෝ ද එම ස්ථානයේ සිටියේය. සාමාන්‍යයෙන් පාසල් තරගයක වුවත් කාසියේ වාසිය උඩ දමන විට ප්‍රතිවාදියා ඉල්ලන වාසිය විනිසුරුවරයා විසින් අනෙක් නායකයාට ඇසෙන සේ හඬ නගා කියයි.

ලෝක කුසලාන ඉතිහාසයේ කාසියේ වාසිය දෙවරක් උඩ දැමීම අතිශය අභව්‍ය සිදුවීමක් වන්නේය.  ඇතැම් විට තරග පාවාදීම් හෙවත් මැච් ෆික්සින් කිරීමක් විය හැකි බවට සිතෙන්නේ ඒ නිසාය. ඒ බව කපිල්දේව් කලින් දැනගැනීම ඒ සැකය යම්තාක් දුරට සහතික කරන්නේය.

කාසියේ වාසිය උඩ දැමීමෙන් තරගයක් පාවා නොදුන්නද යම් කිසි බුකි කරුවෙකු විසින් අවසන් තරගයේ කාසියේ වාසිය දෙවරක් උඩ දමන බවට ඩොලර් මිලියන ගණනක් ඔට්ටු දමා අදාළ පුද්ගලයන්ටද ඉන් සෑහීමකට පත්විය හැකි ගණනක් ලබා දීමද ‘තරග පාවාදීම යටතට වැටෙන්නේය.

කපිල් දේව් 2011 අප්‍රේල් මස 2 වැනිදා පැවැති අවසන් මහා තරගයේ විස්තර විචාරකයකු වශයෙන්ද කටයුතු කරනු දක්නට ලැබුණි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් නායකයකුට ඔහු අප්‍රේල් 01 වැනිදා තමන්ගේ දුරකතනයට ලැබුණු එස්.එම්.එස්. පණිවුඩය පෙන්වා පවසා ඇත්තේ හෙට තරගයේ කාසියේ වාසිය දෙවරක් උඩ දමන බවය. ඇතැම් විට එය අප්‍රේල් 01 වැනිදා මෝඩයාගේ දවසේ කියු බොරුවක් විය හැකිය. නමුත් කාසියේ වාසිය දෙවරක් උඩ දැමුවේය. ඒ දෙවතාවම ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර එය දිනා ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කපිල් දේව් පෙන්නු එස්.එම්.එස්. පණිවුඩය සම්බන්ධයෙන් මෙරට හිටපු ක්‍රිකට් නායකයා අයි.සී.සී.යට පැමිණිලි නොකර හිතවතුන්ට එය කීම උගතෝකොටික ප්‍රශ්නයකි. නැතිනම් එය මෙරට හිටපු ක්‍රිකට් නායකයාගේ බොරුවකි.

Exit mobile version