සුපිරි වටයේ පළමු ජය ඔස්ට්‍රේලියාවට… දකුණු අප්‍රිකාව පරදා කඩුලු 05කින් ජය ගනී…

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපරි වටය ආරම්භ කරමින් සුපිරි යටතේ පැවති මුල්ම තරගය වූ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 05ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

අබුඩාබි හි අන්තර්ජාතික සයිඩ් ක්‍රීඩාංගනයේ දී ඇරඹි තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වූයේ ඒඩ්න් මක්‍රම් පමණි. ඔහු මිනිත්තු 74ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 36ක දී  ලකුණු 40ක් රැස් කළේය. ඊට හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය.


කගිසෝ රබාඩා ලකුණු 19ක්, ඩේවිඩ් මිලර් ලකුණු 16ක්, හෙන්රිච් ක්ලාසන් ලකුණු 13ක්,  ටොම්බා බවුමා ලකුණු 12ක් ලබා ගත්තේය.  දකුණු අප්‍රිකානු ඉනිම  පන්දු ඕවර 20 තුළ දී කඩුළු 09ක් දැවී ලකුණු 118කට සීමා විය.

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මැනවින් සිය කාර්යය ඉටු කළහ. පන්දු ඕවර හතරම යැවූ පන්දු යවන්නන් 05 දෙනා වූ මිචෙල් ස්ටාක් ලකුණු 32කට  කඩලු 04ක්, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 24කට කඩුල්ලක්, ජොස් හස්වුඩ් ලකුණු 19කට කඩුලු 02ක්, පැට් කුමින්ස් ලකුණු 17ට කඩුල්ලක්, ඇඩම් සම්පා ලකුණු 21කට කඩලු 02ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ  පළමු කඩුල්ල ලකුණු 4 දී බිඳවැටිනි.  ආරම්භක පිතිකරු නායක ආරොන් පින්ච් ලකුණු නොලබා කගිසෝ රබාඩාට ගොදුරු විය. දෙවන කඩුල්ල ලකුණු 20 දී බිඳ වැටිනි.  ආරම්භක පිතිකරු ඩේවිඩ් වොර්නර්   දැවී ගියේය. මිලේ මාර්ෂ්  තුන්වන කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු පුවරුව ලකුණු 38 කි.  අනතුරුව ස්ටීවන් ස්මිත් හා ග්ලෙන් මැක්ස්වෙල් මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 80 තෙක් ඉහළ නැන්වූහ. ලකුණු 80 දී මිෂෙල් මාර්ෂ් ද,  ලකුණු 81 දී ග්ලෙන් මැක්ස්වෙල් ද දැවී ගියහ. ලකුණු 81 කඩුලු 05ක් සටහන් විය.

එහෙත් මාර්කස් ස්ටොනික් පන්දු 16ක දී ලකුණු 24ක් හා සහ කඩුලු රකින ක්‍රීඩක මැතිවු වේඩ් පන්දු 10ක දී ලකුණු 15ක් ලබාගෙන   ජයග්‍රාහී ඉලක්කය පන්දු ඕවර 19.4ක දී පසු කර ගියහ.   ඔස්ට්‍රේලියාවට කඩුලු 05ක ජයග්‍රහණයක් හිමි විය. තරගයේ වීරයා ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජොස් හසෙල්වුඩ් නම් කෙරිනි.

අඩු ලකුණු සංඛ්‍යාවක් හමුවේ වුවද දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර සුපිරි වටයේ දෙවන තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා  එංගලන්ත කණ්ඩායම අතර තරගය තව ස්වල්ප වෙලාවකින් ඩුබායි හි දී ආරම්භ වීමට නියමිතය. කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කර ඇත.

Exit mobile version