සිංහ පෝතකයන්ගේ කතා වස්තුව

ලෝක ශූර අත්දැකීම සහිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පිබිදීම හා පිරිහීම පිළිබඳ කෙරෙන තුළනාත්මක විග්‍රහයකි...

1996 ක්‍රිකට් ලෝක කුසලානය  ජයග්‍රහණය කර මේ   වසරට හරියටම වසර 25 කි. එදා මෙදා තුර ලාංකීය  ක්‍රිකට් ක්‍රීඩාව ජය පරාජයන් අතර  දෝලනය විය.  පරාජයන් බහුල වුවද අපි ජයග්‍රහණයද අමතක නොකළෙමු.  සැබැවින්ම පරාජයට හේතුව වූ කරුණු කාරනා ගැන විමසුමක් මෙම අධ්‍යයනය මඟින් ඉදිරිපත් කරමු.

 රටක් ලෙස අප ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර අතික්‍රමණය කර ඇති අවස්ථා ගණන ඉතා සීමිතය. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම ඒ අත් අතරින් සුවිශේෂී වෙයි. ක්‍රීඩාව නැවත නගා සිටුවීමේ බලාපොරොත්තු දැල්වෙමින් ඇති අවස්ථාවක දිනූ ජයග්‍රහණය සහ පසුකාලීනව එහි බිඳ බිඳවැටීම ක්‍රීඩා විචාරයකින් ඔබ්බට ගොස් විද්වත් අධ්‍යයනයකින් යුතුව පිරික්සා බැලීම වඩා වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරමු. කණ්ඩායමක් ලෙස  ගොඩනැගීමේ ක්‍රියාවලිය, ඒ සදහා හේතුපාදක වූ නායකත්ව ගුණාංග සහ ජයග්‍රහණයට උර දුන් සාධක මෙන්ම පසු කාලීන බිඳවැටීමට තුඩු දුන් සාධකද මෙහිදී අප සාකච්ඡාවට බඳුන් කෙරේ.

අපේ ක්‍රිකට් ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය  වර්ෂ 1832 දක්වා විහිදේ.  කොළඹ ක්‍රිකට් සමාජය  (Colombo Cricket Club) පිහිටුවීම ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ ඇරඹුම් ලක්ෂය සනිටුහන් කරයි. 1981 වසරේදී ටෙස්ට් වරම් ලබා ගන්නා ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ජයග්‍රහණය  අසල්වැසි ඉන්දියාවට එරෙහිව 1985 දී වාර්තා කරයි. නමුදු ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රාහකයන්ගේ ලැයිස්තුවට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට 1996 තෙක් බලාසිටීමට සිදුවිය. ඩේව් (Dawe Whatmore) ගේ පුහුණු කිරීම්ත් අර්ජුන  රණතුංගගේ නායකත්වයත් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වීය. ඒ වන විට වැඩිම වාර ගණනක්  ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබූ තාක්ෂණය අතින් ද පළපුරුද්ද අතින්ද ඉහළ වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසාන තරඟයේ දී පරාජය කර  ශ්‍රී ලංකාව ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය.


කණ්ඩායමක් යනු කුමක්ද?

කණ්ඩායමක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ අදියර මොනවාද?

කණ්ඩායමක් තුළ  නායකයෙකුගේ  කාර්යභාරය කුමක්ද?

ඉහත කරුණු පිළිබඳව බටහිර පර්යේෂකයන් හඳුන්වා දී ඇති අර්ථ දැක්වීම් කළමනාකරණය පිළිබඳව පොත  පත පරිශීලනය කරනු ලබන ඕනෑම අයෙකුට පහසුවෙන් සොයාග ගත හැක. ඒ අර්ථ දැක්වීම් අතර  (Tuckman,1965) විසින් හඳුන්වා දී ඇති කණ්ඩායම් ගොඩ නැංවීමේ ආකෘතිය ඉතා සරලව  කණ්ඩායමක් නිර්මාණය වීමේ දී පසු කරනු ලබන පියවර පැහැදිලි කරනු ලබයි.  ඒ අනුව සෑම කණ්ඩායමක්ම  forming, storming, norming, performing, adjourning ලෙස පියවර 5ක් පසු කරනු ලබන අතර සෑම පියවරකදීම ඊට අනන්‍යවූ ලක්ෂණ කණ්ඩායමක් තුළින් පිළිබිඹු වේ.

අපට පැහැදිලි වන්නේ ඔවුන් ද ඉහත දැක්වූ ආකෘතිය අදියරෙන් අදියර පසු කර ඇති බවයි. 1988 සිට වසර  11  ක කාලයක්, අර්ජුන විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට  නායකත්වය සපයන අතර එම කාලය තුළ, ශක්තිමත් ජයග්‍රාහි කණ්ඩායමක් ලෙස ඔවුන් නැගී සිටිනන්නේ මූලාරම්භයේ දී ජයග්‍රහණයන්ට වඩා පරාජයන් අත් විඳින ලද කණ්ඩායමක් ලෙස ය.

කණ්ඩායමක් ලෙස ගොඩ ගොඩනැගීමේදී  විවිධ  ප්‍රදේශ, විවිධ ක්‍රීඩා  සමාජ නියෝජනය කරන ලද අත්දැකීම් අවම  තරුණ  ක්‍රීඩකයින් රැසක් සමගින් එකම අර අරමුණක්  වෙත ගොනු කර ගැනීම  සැබැවින්ම  අභියෝගාත්මක කාර්ණාවකි.  මෑතකදී,   රූපවාහිනී  නාලිකාවක් සමග පැවැත්වූ  සම්මුඛ සාකච්ඡාවක් අතරතුර  අර්ජුන පැවසුවේ කණ්ඩායම් සාමාජිකයින්ගේ පෞර්ෂත්ව වෙනස්කම්, ඔවුන්ගේ  පෞද්ගලික මතවාද වෙනස්කම් හඳුනාගනිමින්  සෑම දෙනාම එකම අරමුණක් වෙත නතු කර ගැනීම මුල් අවධියේ දී නායකයෙකු ලෙස ඔහු මුහුණ පෑ ප්‍රධානතම  අභියෝගයක්  වූ බවයි.

එකල නවක ක්‍රීඩකයෙකු වූ මුත්තයියා මුරලිදරන් ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ මතුවූ මතභේදාත්මක අවස්ථාවේදී නායකයකු ලෙස අර්ජුනගේ වගකීම් සහිත භාවයත් , කණ්ඩායමක් ලෙස සියලු සාමාජිකයින් එක්ව එම අවස්ථාවට මුහුණ දුන් ආකාරයත් 1996 ජනවාරි මස ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර  ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්  නුවර පවත්වන ලද   ක්‍රීඩා තරගය නැරඹු ඕනෑම අයෙකුට මතකයෙන් ගිලිහී නොයන අවස්ථාවකි. මෙම සිද්ධිදාමය කණ්ඩායම් හැඟීම් තවදුරටත් ඔවුන් තුළ ජනිත කිරීමට හේතු වූ බව පැහැදිලි වෙයි. එතැන් සිට ඔවුහු ජයග්‍රාහි කණ්ඩායමක් බවට පත්වීමේ සැලසුම් අදියරෙන් අදියර ක්‍රියාත්මක කළ කැපකිරීම් සහිත කාල පරාසයක්  ගත කළහ. එහි අවසානයේ වර්ෂ 1996  ක්‍රිකට්   ලෝක ශූරයින් ලෙස අභිෂේක ලැබීමට ඔවුන්ට හැකිවිය.

කණ්ඩායමක් ගොඩනැංවීමේ අවසාන පියවරයෙදී  (Adjoining phase) සෑම කණ්ඩායමක්ම  පිවිසෙන්නේ ඔවුනොවුන් ජයග්‍රහණය තෙක් ආ ගමන් මගෙහි අත්දැකීම් එකිනෙකා සමග ඛෙදා ගැනීමත්, උගත් පාඩම් ඉදිරි කටයුතු සඳහා යෙදවීමටත්ය. අර්ජුන  සමග මෙම කණ්ඩායමද ඉහත දැක්වූ අවසාන පියවර අනුගමනය කරමින් කණ්ඩායමක් ලෙස තවදුරටත් ශක්තිමත් වූ අතර 1997දී  ආසියාතික ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීම ද එයට කදිම නිදසුන්කි.

ජයග්‍රහණය හඹාගිය කණ්ඩායමක් ගොඩනැගීමේ දී නායකත්වයේ කාර්යභාරය.

ක්‍රිකට් ක්‍රීඩාව  හා සම්බන්ධ ප්‍රකාශිත පර්යේෂණ නිබන්ධන අවම අතර  සීමිත ප්‍රකාශිත  පරිශීලනයේදී පෙනී යන්නේ කණ්ඩායමේ ක්‍රීඩාශීලී  භාවය, ඵලදායි තීරණ ගැනීමේ හැකියාවයාව, සාමාජිකයින් අතර සාමූහික හැඟීම  ආදී කරුණු කණ්ඩායමක් ලෙස නැගී සිටීමට උපකාරී වන බවයි.

අපගේ විශ්ලේෂණයට අනුව, අර්ජුනගේ නායකත්වයට අමතරව පහතින් සාකච්චාඡාවට බඳුන් කරනු ලබන කාරණා  ද ඔවුන්ගේ ජයග්‍රහණයට හේතු විය.

මොවුන් කාලයත් සමග ලැබූ අත්දැකීම් මතින් අනුරූපීව ගොඩනැගුණු කණ්ඩායමක් ලෙස හඳුන්වා දිය හැක.  ජයග්‍රහණ, පරාජයන්, විවිධ පීඩා පීඩාකාරී අත්දැකීම් මතින් ඔවුන් ගොඩ නැගිණි. වරෙක සම්මුඛ සාකච්ඡාවක්   අතරතුර අදහස් දක්වමින් අර්ජුන පැවසුවේ, “විදුලි සෝපානයකින් එක්වරම පහළොස්වැනි මහලට වේගයෙන් පැමිණීමක් ලෙස අප ගොඩනැගුණු ආකාරය අර්ථ දැක්විය  නොහැක. එය ඇත්තෙන්ම  කාලයක්  පුරාවට  ඇතිවූවකි˝ (Brijnath & Thawfeeq, 1999    ලිපියෙන් උපුටා ගන්නා ලදී)

ක්‍රිකට් යනු කණ්ඩායම් ක්‍රීඩාවකි. එම නිසා පුද්ගල දක්ෂතා අභිබවා කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනා තම පූර්ණ කැපවීමෙන් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත්ය.  1996 පෙර පැවැති තරඟ පිළිබඳ දත්ත  විශ්ලේෂණයේදී  පෙනී යන කරුණ නම්   ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලකුණු 250 සීමාව පසුකර ඇති අවස්ථා ගණන ඉතා  සීමිත  බවය. නමුත් කාලයත් සමඟ, අත්දැකීම් බහුල වීමත් සමඟ ක්‍රීඩකයින්  අර්ධ වෘත්තීය මට්ටමේ සිට වෘත්තීය ක්‍රිඩකයන් බවට පත්වන අතර ඊට සම සමගාමීව ජයග්‍රාහි කණ්ඩායම්  මානසික්ත්වය ද ඔවුන් තුළ රෝපණය විය (Maldeniya & Weerasiri, 2020 ලිපියෙන් උපුටා ගන්නා ලදී)

සාමාජිකයින් අතර දක්නට ලැඛෙන එකිනෙකට වෙනස් වූ හැකියාවන් නිසි ලෙස කළමනාකරණය කිරීම නායකයකුගේ වගකීම   වන අතර එය නිරන්තරයෙන්ම ඔවුන් ජයග්‍රහණය කෙරෙහි ඔසවා තැබීමට උපකාරී වේ. කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේ අනුපිළිවෙළ තීරණය කිරීමේදී ඉහත කරුණ මහත්සේ රුකුලක් වූ බව නොඅනුමානය. මෙය හොඳින්  හඳුනාගෙන එහි ඵල ප්‍රයෝජන උපරිමයෙන් නෙළාගත් නායකයකු ලෙස අර්ජුන රණතුංග අපට අවිවාදයෙන් හඳුන්වා දිය හැක.

වරෙක, සම්මුඛ් සාකච්ඡාවක්  අතරතුර  අසංක ගුරුසිංහ පැවසුවේ  ˝අර්ජුන අපි එකිනෙකාගේ ක්‍රීඩා කුසලතාවයන් හොඳින්ම අධ්‍යනය කර තිබුණා. ඒ අනුව අප එකිනෙකා වෙත පැවරුණු වගකීම් ද එකිනෙකට වෙනස් වුණා. ඔහු මගෙන් බලාපොරොත්තු වූයේ කණ්ඩායමක් ලෙස  ස්ථාවර වනතුරු පිටියේ රැඳී සිටීමයි. ජයසූරිය  කළුවිතාරණ  සුසංයෝගය යෙදෙවූයේ  ප්‍රහාරාත්මක   පිතිකරණයක් මගින් වේගයෙන් ලකුණු රැස්කිරීමටයි.    පිතිකරණයේ එකිනෙකට වෙනස් වගකීම් මහානාම සහ තිලකරත්න වෙතද පැවරී තිබුණා .ප්‍රමොද්‍යගෙන් බලාපොරොත්තු වූයේ කඩුලු ලබා ගැනීම පමණක්ම නොවේ ˝ (Fernando, 2015 ලිපියෙන් උපුටා ගන්නා ලදී)

නව්‍ය සංකල්ප අත්හදාබැලීම  ඕනෑම ක්ෂේත්‍රයක  ප්‍රගමනයට හේතු පාදක වේ. එහිදී අවදානම්  කළමනාකරණය මෙන්ම වාසිදායක මෙන්ම අවාසිදායක ප්‍රතිඵලවලට ලක්වීමට ඇති ඉඩකඩ හඳුනාගෙන කටයුතු කිරීම ඉතා වැදගත්ය.

එක්දින තරඟ අතරතුර පලමු පන්දුවාර 15  සීමිත ප්‍රහාරක සැලැස්ම්ක්ට අනුව  ක්‍රීඩා කරනු ලබන යුගයක  ශ්‍රී ලංකා කණ්ඩායම අත්හදා බැලුවේ පලමු පන්දුවාර 15 තුල ඉතා ආවේගශීලී ප්‍රහාරාත්මක ලකුණු රැස් කිරීමේ ක්‍රමවේදයකි. මෙවැනි අත්හදා බැලීම් සැමවිටම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වීය.

සාමාජිකයින් අතර ඔවුනොවුන් කෙරෙහි  විශ්වාසය ගොඩන නැංවීම මෙන්ම, නායකයකු ලෙස කණ්ඩායම් සාමාජිකයින්ගේ විශ්වාසය දිනා ගැනීම ද එක ලෙස වැදගත් වේ. මෙය කණ්ඩායම්   මානසිකත්වය ඉහළ නැන්වීමට මෙන්ම ඔවුන්ගේ උපරිම  කැපවීම ලබා ගැනීමට ද ඉවහල් වේ. ලෝක කුසලානයට සති කිහිපයකට පෙර මුරලිදරන්ගේ ක්‍රීඩා විලාශය චෝදනාවට ලක් වූ අවස්ථාවේ නායකයෙකු ලෙස අර්ජුන ගේ හැසිරීම මෙයට කදිම නිදසුනක් ලෙස දැක්විය හැක. මෙය කණ්ඩායම් සාමාජිකයින් අතර විශ්වාසය තවදුරටත් ඉහළ නැන්වීමටට හේතු වූ බව නොඅනුමානය.

ශ්‍රී ලංකා කණ්ඩායම  ක්‍රීඩා කරන අතරතුර නිරන්තරයෙන් ඇසෙන ක්‍රීඩකයින් දිරිගැන්වීමේ සංවාද සහ  පිටියෙන් එහා ක්‍රීඩා විවේකාගාරයේ ඇතිවන සුහදශීලී සංවාද ද ක්‍රීඩා තරඟ නරඹන්නන් ට අලුත් අත්දැකීමක් නොවේ.

India Today ප්‍රවෘත්ති  පත්‍රය  සමග පැවති සාකච්ඡාවක දී වරෙක අර්ජුන පවසා සිටියේ, ˝කණ්ඩායම් සාමාජිකයින් අතර නිරන්තර සාකච්ඡා පැවැත්වූ අතර බොහෝ විට ඒවා පැයකට අඩු  කාලයකට සීමා විය.  සෑම සාමාජිකයෙකුටම අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබුණු අතර භාෂා  පරිවර්තකයකු මාර්ගයෙන් පුහුණුකරු සහ ක්‍රීඩකයන්  අතර බාධාවකින් තොරව අදහස් හුවමාරු විය. එකතු කර කරගන්නා ලද අදහස් මගින් නිරතුරුවම A, B, C ලෙස සැලසුම් කිහිපයක් අප සතු විය. ඊට අමතරව  පුහුණුකරු විසින් විටින් විට ලියා තබන කුඩා සටහන් නිරන්තරයෙන් අපව දිරිමත් කළේය˝.

Today’s match depends upon the ability to

remain relaxed and focused, to stay in control.

I’m sure you will recall unpleasant examples

of tightness in body/mind.

It really makes for performing a skill, hard work.

Particularly today, when there are a

100,000 screaming fan you will need to be in control”

Dawe Whatmore විසින් ඉන්දියාව සහ ලංකාව අතර අවසාන පූර්ව තරගයට පෙර ලියූ සටහනකි. (Brijnath & Thawfeeq, 1999  ලිපියෙන් උපුටා ගන්නා ලදී)

පසුකාලීනව ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳවැටීම.

ජයග්‍රාහී  මානසික්ත්වයකින්   යුක්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමඅර්ජුන ගේ නායකත්වය යටතේ මීළඟ තරග ජය සටහන් කරනු ලැබුවේ 1997 දීය. ඒ  ආසියාතික  කුසලානය දිනා ගනිමිනි.  මෙය  ශ්‍රී ලංකාව ලැබූ දෙවන ආසියාතික කුසලාන ජයග්‍රහණය වන අතර එම වසරේ දී අප බිඳ දැමුවේ ඉන්දියාව  එක පෙළට වසර තුනක් ජයග්‍රහණය කර තිබූ තරග වාර්තාවය.

නමුත්එයින්  පසුව එළැඹි කාලය ශ්‍රී ලංකා කණ්ඩායමේ අඳුරු යුගයක ආරම්භය සනිටුහන් කරයි. ක්‍රමයෙන් තරග පරාජය නිරන්තර අත්දැකීමක් බවට පත් වූ අතර පසුව එළැඹි ලෝක කුසලාන තරගාවලියේ දී එනම්1999 දී ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයටවත් එළැඹීමට නොහැකි විය.

ප්‍රකාශිත පර්යේෂණ ලිපි පිරික්සා බැලීමේදී අපට හමුවූ වැදගත් අර්ථ නිරූපණයක් මෙහිදී සඳහන් කිරීමට අප කැමැත්තෙමු.

පැහැදිලි ඉලක්කතීරණ ගැනීමේ  පැහැදිලි තාවය සහ හැකියාව, වගවීම සහ වගකීම, නායකත්වය, පුහුණු හා සංවර්ධන ක්‍රියාවලිය, සම්පත් කළමණාකරණය සහ ආයතනික සහය, ඇගයීම සහ පිලිගැනීම යන සාධක ජයග්‍රාහී කණ්ඩායමක් ගොඩනැගීමට ඉවහල් වේ . තවද, මෙම සාධක නොමැති අවස්ථාවක කණ්ඩායමක් බිඳවැටීම වැළැක්විය නොහැක. (Harvey, Millett, & Smith 1998 ලිපියෙන් උපුටා ගන්නා ලදී-)

මේ අනුව බලන කලපහතින් අප සාකච්ඡාවට බඳුන් කරනු ලබන කාරනා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරු යුගයට හේතු පාදක  වූ බව අපට සිතිය හැක.

1996 ජයග්‍රහණයෙන් වසර 25 පසුව බලන කල අදටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සහ සංවර්ධනය සිදුවන්නේ යාවත්කාලීන නොවූ ව්‍යවස්ථාවක් මගිනි. (India Today 2021 ලිපියෙන් උපුටා ගන්නා ලදී.  තවද, නිරන්තර දේශපාලන අතපෙවීම් ක්‍රීඩාව දියුණු කිරීම සදහා ඍනාත්මක දායකත්වයක් සැපයිනි (Jayasingha, 2019 ලිපියෙන් උපුටා ගන්නා ලදී. පරිපාලන දුර්වලතා සහ විනිවිද පෙනෙනසුලු භාවයෙන් තොරව තීරණ ණ්ඩායම් සාමාජිකයින්ගේ ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම මෙන්ම  ඒකාග්‍රතාවය ද බිඳ හෙළීය.  එමගින් කණ්ඩායම් හැඟීමෙන් ඔබ්බට ගොස්  පුද්ගල  දක්ෂතා සහ ප්‍රසිද්ධිය තකා වැඩ කිරීමට ක්‍රීඩකයින් යොමු  වූ බව අපට හැඟේ. මේ සියල්ලේ  ප්‍රතිපලය  වූයේ නිරන්තර තරඟ පරාජයන් සහ ප්‍රේක්ෂකයින් ක්‍රීඩා තරග අත්හැර යෑමයි.  තරගයක ජීව ගුණය රඳා පැවතීමට තරගකරුවන් මෙන්ම ප්‍රේක්ෂකයින්ද දායක න බව විවාදයකින් තොරව අප සියලු දෙනා පිළිගන්නා කරුණකි.

ක්‍රීඩාව සම්බන්ධ තොර තොරතුරු සහ දත්ත පිරික්සීමේදී  දී අපගේ අවධානයට ලක් වූ කරුණක් වූයේ, (1996-2017) වසර  20 ක කාලය තුළ ක්‍රීඩකයින් පහළොස් දෙනෙකු කණ්ඩායමට නායකත්වය ලබා දී තිබූ අතර සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන  සහ ඇන්ජලෝ මැතිව්ස් හැරුණුවිට වැඩිදෙනෙකු නායකත්වය හොබවා තිබුණේ සීමිත තරගාවලි   සංඛ්‍යාවකට පමණි.  නිරන්තර වෙනස්වීම්වලට ලක් වූ නායකත්වය ක්‍රීඩකයින්  අතර බැඳීම් සහ විශ්වාසය පළුදු කිරීමට හේතු වූ අතර එහි අවසානය  ශ්‍රී ලංකා කණ්ඩායම නිරන්තරව පරාජයට පත් වීමය.

ලෝක කුසලාන ජයග්‍රහණයත් සමඟ  ශ්‍රී ලංකා කණ්ඩායම වෙත මූල්‍යමය සම්පත් ගලා ඒම්ට විවර  වූ මාවත් ගණනාවකි. රූපවාහිනි මාධ්‍ය ජාල අනුග්‍රාහකත්වය, ICC තරගාවලි පැවැත්වීමට අදාල  මූල්‍ය  ප්‍රතිලාභ ඒ අතර කිහිපයකි වේ (Wettimuny & Jayawardena 2016 ලිපියෙන් උපුටා ගන්නා ලදී)

ඊට අනුරූපීව   ක්‍රීඩකයින් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් බවට පත්විය. නමුත්දිනූ  සම්පත් ක්‍රීඩාවේ දියුණුව  සඳහා නිසි ආකාරයෙන් පරිහරණය කළේ ද  යන්න විවාදයට තුඩු දෙන කරුණකි.   අදටත්  ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් පුහුණු පාසලක් නොමැතිව රටක් ලෙස අප පිළිබිඹු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැක්වූ අවිධිමත් සැලකිල්ල නොවේද?

දීර්ඝ  කාලීනර්ඝ කාලීන අරමුණු සහ අභිමතාර්ථ ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාවය සහ ඔවුන්ගේ දක්ෂතා කෙරෙහි උප උපකාරී වේ. (Harvey, Millett, & Smith, 1998 ලිපියෙන් උපුටා ගන්නා ලදී).  ඒ අනුව බලන කල අප  පිරික්සා බැලිය යුතු වැදගත් කරුණ වනුයේ සත්‍ය වශයෙන්ම අපට ක්‍රීඩාවේ  උන්නතිය සඳහා දීර්ඝකාලීන සැලසුම් තිබුණාදයන්නයි.  ක්‍රීඩකයින්  විශ්‍රාම යෑම  සහ ඒ සඳහා අනුප්‍රාප්තිකයන් පත්වීම් සෑම ක්‍රීඩාවකට ම පොදු වූ ධර්ම ධර්මතාවයකි. එය  හඳුනාගෙන ඒ සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් යෙදවීම අත්‍යවශ්‍ය කරුණකි. නමුත් ප්‍රවීණයන්ගේ නික්ම යාමත් සමග පුරප්පාඩු වූ අවස්ථා පිරවීමට ශක්තිමත් දෙවන පෙළක් අප සතුව තිබුණා ද?

තවදසමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිරන්තර අවධානයට ලක්වන   වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ගැටුම් සහ මත වාද  ක්‍රීඩාවට ආදරය කරනු ලබන ප්‍රේක්ෂකයන්ගේ කනස්සල්ලට හේතු පාදක වන බව නොඅනුමානය. මක්නිසාදයත්ඔවුන්ගේ පෞද්ගලික ගැටුම් විදහා දක්වන්නේ කණ්ඩායම් හැඟීමෙන් ඔබ්බට ගොස් පුද්ගල ජනප්‍රියත්වයට ඔවුන් ගන්නා වෙහෙසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කේ ඇන්ඩ් කේ ඇසෝසියේට්  පර්යේෂණ ඒකකය නිකුත්කළ පත්‍රිකාවකි –

 

 

 

 

Exit mobile version