ආසියානු ශූරයින් වී පෙරහර කොට පැමිණ ලෝක කුසලානයේ දී කුජීත වී සිටින අපි මේ වනවිට ඇෆ්ගනුවන්ගෙන් මහනුවරදී නැව් ගුටි කමින් සිටිමු. මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට කීවේ එය ශ්‍රී ලංකාවේ වාසනාවන්ත ක්‍රීඩාංගනය කියාය. දෙවැනි වතාවටත් ඇෆ්ගනිස්ථානයෙන් මේ ගුටි කමින් සිටින්නේ වාසනාව ගෙනා ක්‍රීඩාංගනයේ දී ය.
ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉලක්කය 313කි. කඩුළු 08ක් පමණක් දැවී ගොස් තිබිණි. එය එක්දින තරගයකදී හඹා ගොස් ජයග්‍රහණය කිරීමට පහසු ඉලක්කයක් නොවේ. එය කළ හැකි නම් අතිවිශේෂ තත්ත්වයකි.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ පීඩනය දරා ගැනීමට අපහසු මට්ටමකය. අප ඉන්නේ ආසියානු ශූරයින් වීමෙන් අනතුරුව මව් රටේ පැවැත්වෙන පළමුවෙනි තරගාවලිය ඇෆ්ගනිස්ථානය ඉදිරියේ නින්දාසහගත තරගාවලි පරාජයකින් නිමා කිරීම අභියස නම් එය අපේ ක්‍රිකට් සමාලෝචනය කළ යුතු තත්ත්වයකි.
කාසියේ වාසිය මෙම තරගයේත් දිනා ගත්තේ ඇෆ්ගනිස්ථානය ය.
මනරම් පිතිකරණයක යෙදුන ආරම්භ පිතිකර ඊබ්‍රහීම සද්රාන් ශ්‍රී ලංකා කණ්ඩායමට අමතක නොවන පාඩමක් ඉගැන්නුවේය. ඔහු පන්දු 138ක දී ලකුණු 162ක් ලැබුවේය. හයේ පහර 04ක් සමග හතරේ පහර 15ක් එල්ල කළේය.
නජිබුල්ලාහ් සද්රාන් ලකුණු 77ක් ලැබුවේය. ඒ පන්දු 76ක දීය. හතරේ පහර 08ක් සහ හයේ පහරක් ඊට ඇතුළත් විය.
කසුන් රාජිත ලකුණු 60කට කඩුළු 03ක් ද, වනිඳු හසරංග ලකුණු 67කට කඩුළු 02ක් ද, හසිත ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා එක කඩුල්ල බැගින් ද ලැබුවේය.
සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳටමට ගුටි කෑවේය. යම් පාලනයක් සහිතව පන්දු යැවූ ධනංජය ද සිල්වා කඩුල්ලක් ලබා ගත්තත් පන්දු ඕවර 10 සැපිරුවේ නැත.
දැඩි පීඩනයක් සහිතව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවට පහර දීමට පිටියට පැමිණීමට නියමිතය.