ශ්‍රී ලංකා කොදෙව් 02 ටෙස්ට් තරගයේ 02 දිනය අද…

පැතුම් ඊයේ ලැබූ අර්ධ ශතකය...

ශ්‍රී ලංකා බටහිරි ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදය.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඊයේ සවස තුනට ගාල්ලේ දී ආරම්භ වුණු තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණඩායම කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටින්නේය.

ආරම්භක පිතිකරුවන්වන දිමුත් කරුණාතරත්න සහ පැතුම් නිශ්ශංක මේ තරගයේදීත් විශිෂ්ට ආරම්භයක් ලබා දුන්හ. පළමු කඩුල්ල සඳහා සම්බන්ධතාවය ලකුණු 106කි. දිමුත් කරුණාරත්න අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 42 කට දැවී ගියේය. එම ලකුණු 42 සඳහා ඔහු පන්දු 90කට මුහුණ දුන්නේය. හතරේ පහර 06ක් එල්ල කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැතුම් නිශ්ශංක නොදැවී ලකුනු 61 ක් ලබාගෙනය. පන්දු 109කට මුහුණ දුන් පැතුම් ලකුණු 61 ලබා ගැනීමට හතරේ පහර 04ක් සහ එක් හයේ පහරක් එල්ල කර ඇත.  පළමු කඩුල්ල ලෙස පිටියට පැමිණි ඕෂධ ප්‍රනාන්දු ලකුණු 02ක් ලබාගෙන ක්‍රීඩා කරමින් සිටී.

 

Exit mobile version