ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නව පුහුණුකරු ලංකා ද සිල්වා

 

හිටපු ශ්‍රී ලංකා කඩුලු රකින්නකු වන ලංකා ද සිල්වා  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. මෙතෙක් කල් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු වූයේ හර්ෂ ද සිල්වාය.

ස්ථිර පුහුණුකරුවකු ශ්‍රී ලංකා කාන්තා පිලට පත් කරගන්නා තුරු වසරක කාලයක් සඳහා ලංකා ද සිල්වාට මෙම තනතුර ලැබී තිබේ.  ඉදිරියේ දි කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තෝරා ගැනීමට කරන ඉල්ලුම් පත් ලංකා ද සිල්වාටද ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.

මේ වන විට 45 වැනි වියේ පසුවන ලංකා ද සිල්වා 1997 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 3 කට සහ එක්දින තරග 11 කට ක්‍රීඩා කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු පුහුණුකරු හර්ෂ ද සිල්වා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වරේදී සහභාගි වු තරග 19 ක්ම ශ්‍රි ලංකා කණ්ඩායම පරාජයට පත් වූයේය.

Exit mobile version