ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302ට සියල්ලෝ දැවෙති… නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285ක ජයග්‍රාහී ඉලක්කයක්!

දික්වැල්ල දෙවැනි ඉනිමේත් පිතිකරණ අපේක්ෂාව සුන් කරයි... ලකුණු නොලබා දැවී යයි!

ශ්‍රි ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම නිමා කර තිබේ.  සියල්ලන්ම ලකුනු 302කට දැවී ගොස්ය. නවසීලන්ත කණ්ඩායම මුල් ඉනිමේ සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 18ක් ඉදිරියෙනි. ඒ අනුව  නවසීලන්ත  කණ්ඩායමට  ලකුනු 285ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වී තිබේ.

දැන් ක්‍රීඩා කරමින් ඇත්තේ තුන්වන දිනයේ සිවුවන කාර්තුවය. ඊයේ තරගය නිමා කරන විට  ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු තුනක්  දැවී ලකුණු 83ක් රැස් කරගෙන සිටියේය.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28කට , කුසල් මෙන්ඩිස් ලකුණු 14කට දිමුත් කරුනාරත්න ලකුණු 14කට නවසීලන්ත මදවේග පන්දු   බ්ලෙයර් තික්නර්ට ගොදුරු විය. ඊයේ නොදැවි ලකුණු 20ක් ලබාගෙන ක්‍රීඩා කරමින් සිටි ඈන්ජලෝ මැතිව්ස් අද ශ්‍රී ලංකා පිල යම් ගෞරවාන්විත තැකනට රැගෙන ඒමේ ප්‍රධාන නියමුවා විය.

මැතිව්ස් ලකුණු 115යි

ඔහු සිය ටෙස්ට් දිවියේ 101 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් පන්දු 235ක් තුළ ලකුණු 115ක් රැස් කළේ මිනිත්තු 345ක් කඩුල්ලේ රැඳී සිටිමිනි. ඔහුගේ ශතකයට හතරේ පහර 11ක් ඇතුළත් විය.


දිනේශ් චන්දිමාල් ලකුණු 42ක් රැස් කළේය. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47කි.

නිරෝෂන් දික්වැල්ල අපේක්ෂිත බලාපොරොත්තු බිඳ දැම්මේය. ඔහු ලකුණු ලබා ගන්තේ නැත. පන්දු හතරකට පමණක් මුහුණ දී මැට් හෙන්රිගේ පන්දුවකට කඩුළු රකින ක්‍රීඩක බ්ලන්ඩෙල් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. දික්වැල්ල පළමු ඉනිමේත් ෆේල්ය.

පන්දු යැවීමේ දී බ්ලෙයර් තික්නර් ලකුණු 100කට කඩුළු 4ක්, මැට් හෙන්රි ලකුණු 71කට කඩුළු 03ක්, ටිම් සවුති ලකුණු 57ට කඩුළු 02ක්, දවා ගත්තේය. ලහිරු කුමාර දුවද්දී දැවී ගියේය.

බ්ලෙයර් තික්නර්

මේ වනවිටට නවසීලන්තය සිය ඉලක්කය කරා ගමන් ගන්නා දෙවැනි ඉනිම ආරම්භ කර ඇත.

නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ මේ වනවිට ලකුනු 05කට දැවී ගොස්ය. කසුන් රාජිතගේ පන්දුවකට ඔහුම උඩ පන්දුවක් රැකගෙන කොන්වේ දවා ගත්තේය.

ටොම් ලැතම් සහ නායක කෙන් විලියම්සන් පන්දුවට පහර දෙමින් සිටිති.  පන්දු ඕවර 12ක් අවසන් වනවිට නවසීලන්ත කණ්ඩායම ලකුණු 18කට එක් කඩුල්ලකි.

පළමු ඉනිම

ශ්‍රී ලංකා කණ්ඩාය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 355කට සියල්ලෝ දැවී ගියහ.  කුසල් මෙන්ඩිස් ලකුණු 87ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50ක්, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක්, ධනංජය ද සිල්වා ලකුණු 46ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් රැස් කළේය.

දිමුත් සහ කුසල්..

පළමු ඉනිමේ දී  ටිම් සවුති ලකුණු 64ට කඩුළු 05ක්, මැට් හෙන්රි ලකුණු 80කට කඩුළු 4ක් බිඳ හෙලීය.

නවසීලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෛන්  සියල්ලන් දැවී යන විට ලකුණු 373ක් වාර්තා කර තිබුණේය.

පළමු ඉනිම වෙනුවෙන්  ඩැරල් මිචෙල්   සිය ශතකය වාර්තා කළේය. ඔහු ලකුණු 102ක් රැස් කළේය. ඔහු මිනිත්තු 299ක් කඩුල්ලේ රැඳී සිටියේය.

ශතකයක් වාර්තා කළ ඩැරිල් මිෂෙල්….

පන්දු යැවීමේ දී කඩුළු 04ක් දවා ගත් මැට් හෙන්රි හතරේ පහර 10ක් සහ හයේ පහර 03ක් සමග ලකුණු පන්දු 75ක දී වේගවත් ලකුණු 72ක් ලැබුවේය.

නීල්  වෝනර් හයේ පහර 03ක් සමග පන්දු 24ක දී ලකුණු 27ක් ලැබුවේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණය. නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් ලැතම් ලකුණු 67ක් රැස් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පළමු ඉනිමේ දී  ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර ලකුණු 76ට කඩුලු 03ක්,  අසිත ප්‍රනාන්දු ලකුණු 85ට කඩුළු 04ක්, කසුන් රාජිත ලකුණු 104ට කඩුලු 02ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 46 කඩුල්ලක් ලබා ගත්තේය.

Exit mobile version