ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් කතාවේ බිහිසුණුම පරාජය ලබයි…

ක්‍රිකට් අනියත බව දිමුතු ඇතුළු ශ්‍රි ලංකා කණ්ඩායම රටට කියා දුනනේය.  ගාලු ක්‍රීඩාංගනයේ  ශ්‍රී ලංකාව ලද බිහිසුණුම පරාජය වාර්තා කරමිනි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේදී අද  පැවැති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලැබීය.    ශ්‍රී ලංකාව  දෙවැනි ඉනිමේදී ලකුණු 113කට දැවී යාමත් සමගය.

ශ්‍රී ලංකා ඉනිම පැවතුනේ  පන්දුවාර 22.5ක් පමණි.  ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව ඉනිමක ලද   අඩුම ලකුණු සංඛ්‍යාව මෙය විය. .

මින් පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 137ක්, එංගලන්තටයට එරෙහිව ලකුණු 148ක්, පාකිස්ථානයට එරෙහිව ලකුණු 149ක්, පකිස්ථානයට එරෙහිව ලකුණු 156ක්, නවසීලන්තයට එරෙහිව ලකුණු 165ක් ලෙස අඩුම ලකුණු ලැබූ ඉනිම් මින් පෙර සටහන් වී තිබිණි.


දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුල්ල බිඳී ගියේ ලකුණු 37ක් ව තිබිය දීය. දිමුත් කරුණාරත්නගේ ඒ දැවී යෑම සමග මහා බිඳවැටිමක් ආරම්භ විය.

ලකුණු 10 සීමාව ඉක්මවූයේ පැතුම් නිශ්ශංක ( 14)
ඕෂධ ප්‍රනාන්දු ( 12), ධනංජය ද සිල්වා (11), දිනේෂ් චන්දිමාල්(13) පමණි. ඉනිමේ වැඩිම දෙවැනි ලකුණු සංඛයා අතිරේක ලකුණුය. අතිරේක ලකුණු 16කි.

අති විශිෂ්ට පන්දු යැවීමක නිරතවූයේ ට්‍රෙවිස් හෙඩ්ය. ඔහු පන්දු 17ක් (ඕවර 2.5) තුළ ලකුණු 10කට කඩුලු 04ක් බිඳ දැමුවේය.  නේතන් ලයන් පන්දු ඕවර 11ක් යවා ලකුණු 31ට කඩුලු 04ක් බිඳ දැම්මේය.  මිෂෙල් ස්වෙප්සන් ලකුණු 34ට කඩුලු 02ක් ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version