වනිඳු එකට…

ශ්‍රී ලංකා   කණ්ඩායමේ වනිඳු හසරංග  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ තිබේ.

ඔහු මේ දක්වා T20 ජාත්‍යන්තර තරග 32කදී කඩුලු 50ක් දවාගෙන ඇත.

මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවේ පාදඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රෙයිස් ශම්සි දෙවන ස්ථානය දක්වා පහළට වැටී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර වනිඳු හසරංග විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද 8 වන ස්ථානයේ සිට 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

Exit mobile version