නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය – ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 355 යි..

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රියිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තගයේ දෙවන දිනය අදය.  ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රැස්කර ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීම තේරුවේය.  ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි ඕෂධ ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න අතර ආරම්භක කඩුල්ල සඳහා දීර්ඝ සබඳතාවයක් රැඳුනේ නැත.   ඕෂධ ප්‍රනාන්දු ලකුණු 13කට දැවී යන විට ලකුණ පුවරුව ලකුණු 14කි. අනතුරුව පළමු කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට සම්බන්ධතාවයක් දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතර ගොඩනැගිනි.

දිමුත් සහ කුසල්..

කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් ද නායක දිමුත් කරුණාරත්න ලකුණු 50ක් ද ලැබුවේය. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක සම්බන්ධතාවයක් ගොඩනැගිණි.

ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් ලැබුවේය. නිරෝෂන් දික්වැල්ල අසාර්ථක විය. ඔහු ලකුණු 07කට දැවී ගියේය.


ධනංජය ද සිල්වා   ලකුණු 46ක්  සහ කසුන් රාජිත  ලකුණු 22ක් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම සිරුවට පත් කළ නවසීලන්ත පන්දු යවන්නා ටිම් සවුතී ය. ඔහු ලකුණු 64ට කඩුළු 05ක් ලබාගත්තේය.  මැට් හෙන්රි ලකුණු 80ට කඩුළු 04ක් ලබා විශිෂ්ට පන්දු යැවීමක නිරත විය., මිචෙල් බ්‍රැක්වෙල් ලකුණු 17 කඩුළු 01ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරුවට පත් කළ පන්දු යවන්නා… ටිම් සවුතී…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නවසීලන්ත පිළිතුරු ඉනිම ඇරඹී තිබේ. ආරම්භක පිතිකරුවන්වන  ටොම් ලතම් සහ ඩෙවොන් කොන්වේ පන්දුවට පහර දෙමින් සිටිති.  පන්දු ඕවර 18ක් අවසානයේ වකිසිවෙක් නොදැවී මුළු ලකුණු සංඛ්‍යාව 50 කි.

Exit mobile version