ලෝක ක්‍රිකට් දූෂණ ලොක්කා මහින්දානන්දව ‘ රනවුට්’ කරයි

2011 වසරේ ඉන්දියාවේ මුම්බාහි දී පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී සිදුවූ බව කියන තරග පාවාදීම් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටද දැන්වූ බව ප්‍රකාශ කළද එවැනි ලිපියක් ඔහු විසින් යවා නැති බව හෙළිවෙයි.

මේ බව අනාවරණය කළේ 2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදීම පිළිබඳව පවතින තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් කළ ලෝක ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල්ය.

ඔහු මෙම එව්වා යයි කියන ලිපිය සම්බනධයෙන් ඉතා උනන්දු වු නමුත් එවැනි ලිපියක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රි ලංකාවේ එවකට ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් ලැබී නොමැති බව ඔහු තහවුරු කළේය.


තමන් මේ පිළිබඳව එකල සේවයේ යෙදීසිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන්ද විමසූ නමුත් ඔවුන්ද එවැනි විමර්ශෂණයක අවශ්‍යතාවක් මතුකෙරෙන ලිපියක් ශ්‍රි ලංකාවේ ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් නොලද බව තහවුරු කළේය.

මෙම තත්ත්වය තුළ 2011 ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගය පිළිබඳව කිසිදු අපැහැදීමක් ඇති කර ගතයුතු නොවන බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් දූෂෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා තවදුරටත් පැවසූයේ මෙම තරගයේ පාවාදීමක් පිළිබඳව කිසිදු පිළිගත හැකි සාක්ෂියක් මේ වනතෙක් ඉදිරිපත් වී නොමැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම චෝදනාවක් පිළිබඳව තමන් දැඩි අවධානයක් යොමුකරන බවත් මෙම තරගය හෝ වෙනත් තරගයක් මුදලට පාවාදීම සම්බන්ධයෙන් කිසිදු හෝ පිළිගත හැකි සාක්ෂියක් පවතින්නේ නම් තම ඒකකයට සෘජුව අදාල තොරතුරු ලබාදෙන්නැයි ද ඇලෙක්ස් මාෂල් ප්‍රකාශ කොට තිබේ.

Exit mobile version