මහින්දානන්දගේ කතාව සී.අයි.ඩි.යට යයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද 2011 ලෝක කුසලාන පාවාදීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයක් පොලිස් විමර්ශන ඒකකය විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයකදී අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමට මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම විමර්ශන ඒකකයට යා යුතුව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධව පැමිණිල්ලක් අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී ඇති අතර ඒ අනුව දැනටමත් එහි පරීක්ෂණය ආරම්භ කර තිබේ.


මේ අතර මහින්දානන්ද අලුත්ගමගේට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අදාළ සාක්ෂි ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලා තිබේ. නමුත් එම සාක්ෂි ඔහු මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශය භාරදී නැතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශයත් සමග හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අදහස් දක්වමින් පවසා සිටියේ එවැනි සාක්ෂි ඇත්නම් වහාම පරීක්ෂණයක් ආරම්භ කරමින් සත්‍ය ජනතාවට අනාවරණය කළ යුතු බවයි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමෙන් ක්‍රියාත්මක වු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා අදාල සාක්ෂි ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේට අදාළ ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර දිනයේදී ලැබුණු කණ්ඩායම ලෝක කුසලාන දින වෙනස් වූ බවත් ක්‍රීඩකයන් හතර දෙනෙකු මාරු කළ බවටත් ප්‍රකාශ කළ අතර එම තොරතුරු ඇතුළු තවත් රහස් තොරතුරු කිහිපයක් ඔහු සතුව ඇති බවත් ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ක්‍රීඩා අමාත්‍යාංශය හරහා අදාළ තොරතුරු ලබාදීමට පියවර ගන්නා බැවින් එම සාක්ෂි හැකි ඉක්මනින් ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදෙන ලෙසට හිටපු ක්‍රීඩා ඇමැතිවරයාට ලිපියකින් දැනුම් දී තිබේ.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියු පාවාදීමේ කතාවට 2011 ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඉන්දියාවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ඉල්ලීමක් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් ඉන්දියානු ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැත.

Exit mobile version