මමත් කලු ජාතිකයෙක් වීම නිසා දිගින් දිගටම ගර්හාවට ලක්වන කෙනෙක්

අමරිකාවේ දුටුව වර්ගවාදය ක්‍රිකට් ඇතුළෙ අදත් තියනවා... ගේල් කියයි....

ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් එරට කළු ජාතිකයකුගේ බෙල්ල හිර කර මරා දැමීමේ සිද්ධිය  නිසා දැඩි කම්පනයකට පත්ව ඇති ක්‍රිකට් ලෝලීන්ගේ ඉමහත් ආදරයට පත් වූ ක්‍රීඩකයෙක් වන ක්‍රිස් ගේල්  ඉතා සංවේදී ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ  වර්ග වාදය පදනම් කරගත් ජනවාර්ගික ප්‍රශ්නය ක්‍රිකට් ක්‍රීඩාව තුළත් පවතින බවය.

“කළු ජීවිත වෙනත් ඕනෑම ජීවිතයකට සමානයි.  කළු ජාතිකයන් කියන්නෙත් වැදගත් ජන කොට්ඨාසයක්. ඒත් අප වර්ගවාදී ජනකොටස්වලින් ඉල්ලා සිටින්නෙ කරුණාකරලා කළු ජාතිකයන් මෝඩයින් සේ සිතීම නවත්වන්න… පහත් කිරීම නවත්වන්න.“ ග්‍රේල් කියා තිබුණේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මම ලොව පුරා සංචාරය කර තිබෙනවා.  මා කළු නිසා මා කෙරෙහි කෙරෙන වාර්ගික ප්‍රකාශ   මා අත්විඳිනවා. මාව විශ්වාස කරන්න, මමත් වාර්ගිකව ගර්හාවට ලක්වන ලැයිස්තුවේ දිගින් දිගටම ඉන්නවා. ජාතිවාදය   ක්‍රිකට් ක්‍රීඩාවේද තියෙනවා. ඒත් කිවයුතුයි. කළු ජාතිකයෙකු ලෙස කණ්ඩායම තුළ  මා ඉන්නෙ ආඩම්බරෙන්…  කළු ජාතිකයෙක් කියන්න මට ආඩම්බරයි.” ඔහු කියා තිබුණේය.


 

Exit mobile version