පෙරේදා අනතුරින්  චාමිකගෙ   දත් දෙකක් ගැලවිලා… එක දතක් අතේ අරන් ඇවිත්… අනෙක් දත උඩ පන්දුව රැක්ක තැන බිම තිබී හමුවෙලා…

Chamika-K

පෙරේදා (09)  හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවති එල්පීඑල් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස්  සහ කැන්ඩි ෆැල්කන්ස්  තරගය අතර තුර උඩ පන්දුවක් රැක ගැනීමේ දී අනතුරට ලක් වුන චාමික කරුණාරත්න පැය තුනක පමණ සැත්කමකට භාජනය කර ඇතිි බව වාර්තා වේ.

කාලෝස් බ්‍රෙත්වෙට් විසින් එවන ලද පන්දුවකට  ගෝල් ග්ලැඩියේටස් පිලේ නුවනිඳු ප්‍රනාන්දු විසින් එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස රැක ගැනීමේ දී    මෙම අනතුරට ලක් වුන චාමිකගේ දත් හතරකට බරපතල හානි වී තිබිණි.

අනතුරින් දත් දෙකක් ගැලවී ගොස් තවත් දත් හතරක් බුරුල් වී තිබී ඇත. ගැලවුන එක් දතක් ඔහු ක්‍රීඩාගාරයට එන විට අතේ අරන් ඇවිත් තිබුණු බවත් තවත් ගැලවුන ඉතිරි දත හමුවී තිබෙන්නේ චාමික උඩපන්දුව රැකගත් ස්ථානයේ වැටී තිබී බවත් ඔහුගේ පියා ලුවී කරුණාරත්න මාධ්‍යයට පවසා තිබිණි.


චාමික උඩපන්දුව රැකගත් ස්ථානයේ වැටී තිබූ දත ඔහු රෝහලට ඇතුළත් කළ පසු එවා තිබිණි.

අනතුරට ලක් වීමෙන් අනතුරුව චාමික කණ්ඩායමේ වෛද්‍යවරයා, කළමනාකරු, සහ ආරක්ෂක නිලධාරීන් සමග ගාල්ල පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

පූර්ව දැනුම් දීමකින් අනතුරුව රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහ සහ කාර්ය මණ්ඩලය කඩිනමින් සැත්කම සඳහා සූදානම් වී සිට ඇත.

ඔහුගේ පියා ලුවී ප්‍රනාන්දු මාධ්‍යයට සිද්ධිය පවසා තිබුණේ මෙසේය.

“ දත් දෙකක් ගැලවී තිබුණා. එක දතක් එයා අතේ අරන් ආවා. අනෙක ඔහු උඩ පන්දුව රැක්ක ස්ථානයේ තිබිලා රෝහලට එවලා තිබුණා.  දත් හතරම නැවත සවි කරලයි තිබෙන්නෙ. මැහුම් තිස් ගණනකුත් දමා තිබෙනවා. සැත්කමින් පස්සෙ චාමික නැවත හම්බන්තොට ගියා කණ්ඩායමට එකතු වෙන්න. ඊලඟ තරගය සෙල්ලම් කරන්න චාමික බලාපොරොත්තුවෙන් ඉන්නෙ. විවේකය අවශ්‍ය වෙන්නෙ නැති බවයි එයා කියන්නේ.

ලුවී කරුණාරත්න වැඩිදුරටත් පවසා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනමිණ –

Exit mobile version