පැරිසියේ චැම්පියන් ලීග් අවසන් මහා තරගය ගුටි කෙළියකින් නිම වේ…

චැම්පියන්ස් ලීග් පාපන්දු සටන ගුටි කෙළියකින් අවසන් වෙයි

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැවැත් වීමට නියම වූ යුරෝපයේ පැවැත්වෙන දැවැන්තම පා පන්දු තරගාවලියක් වන  පැරීසියේ   චැම්පියන්ස් ලීග් පාපන්දු අවසන් මහා තරගය දැවැන්ත ගුටි කෙළියකින් හමාර වුනේය.

තරගයෙන් පරාජය වූ සෙන්ට් ජර්මන් පාපන්දු ලෝලීන් සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ මෙම ගුටි හුවමාරුවෙන් පසු පොලිස් නිලධාරීන් 16 දෙනෙක් තුවාල ලැබූ අතර  ප්‍රේක්ෂකයන් 148 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්විය.


අවසන් මහා තරගය නැරඹීම සඳහා සෞඛ්‍ය අංශ විසින් අවසර ලබා දී තිබුණේ ප්‍රේක්ෂකයන් පන්දහසකට පමණි.  මුඛ ආවාරණ පැළඳ  සෞඛ්‍ය ආරක්ෂිතව තරගය නැරඹීමට නොපැමිණීම  හේතුවෙන් පැරිසි පොලිසිය විසින්   ප්‍රේක්ෂකයන් විශාල පිරිසකට   දඩ ගැසීමෙන් පසු  ඇරඹුණු තරගය අවසානයේ මෙම ගුටි කෙළිය ඇරඹී තිබිණි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවසන් මහා තරගය ගෝල 1 – 0 ලෙස    ජය ගැනීමට බයන් මුන්චි කණ්ඩායම සමත් විය.

Exit mobile version