පළමු විස්සයි 20 තරගයේ ශ්‍රී ලංකාවට ලකුණු 164ක ඉලක්කයක්…

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි 20 පළමු තරයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ  ලකුණු 163ක තියුණු ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේය.

කඩුලු 05ක් පමණක් දැවී ගොස් ඔවුන්  එම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දෙමින් ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් වූ  ක්වින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩික්  පළමු කඩුල් වෙනුවෙන් ලකුණු 73ක සමබන්ධයක් ගොඩනැගූහ. ඩිකොක් ලකුණු 36ක් හා හෙන්ඩ්‍රික් ලකුණු 38ක් ලබා ගත්තේය.


පළමු කඩුල්ල ලෙස  හෙන්ඩ්‍රික් ලකුණු 36කට දැවී ගියේය.  පන්දු 30ක දී ලකුණු 38ක් හෙන්ඩ්‍රික්ස් ලබා ගත්තේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තුන්වන කඩුල්ල සඳහා පිටියට පැමිණි ඒඩ්න් මැක්‍රම්  පන්දු 33ක දී ලකුනු 48ක් ලබා ගත්තේය. ඩේවඩ් මිලර් පන්දු 15ක දී ලකුණු 26ක් ලබාගෙන දකුණු අප්‍රිකාව තියුණු ඉලක්කයක් කරා රැගෙන ගියේය. පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දු ඕවර හතරක් යවා  ලකුණු 23කට කඩලු 2ක් බිඳ හෙළීය. දුෂ්මන්ත චමීර පන්දු ඕවර 4ක් යවා ලකුණු 35කට එක් කඩුල්ලක්, මහේෂ් තීක්ෂණ පන්දු ඕවර 4ක් යවා ලකුණු 35කට කඩුල්ලක්, දනුන් ශානක පන්දු ඕවරයක් යවා ලකුණු 6කට කඩුල්ලක් ලබා ගත්තේය.

මේ වනවිට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර හයක් අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ලකුණු  34ක් ලබා සිටී. දිනේශ් චන්දිමාල් ලකුණු 17ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 11ක් ලබාගෙන ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සම්බන්ධතාවයයක් ගොඩනැගුවේය. අවිශ්ක දුවද්දී දැවී යාමකට හසුවූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගය පැවැත්වේ.

Exit mobile version