නිරෝධායනය දවස් 07ට වැඩිනම් නම් බංගලියෝ සංචාරය ප්‍රතික්ෂේ කරති…

Bangaladesh-Team

 

යුද හමුදාපති සහ සෞඛ්‍ය අංශ අතර සාකච්ඡාවකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිරෝධාන කාල සීමාව දින හතක් දක්වා අඩු කරනවාද නැතහොත් දින 14 ක් දක්වාම ක්‍රියාත්මක කරනවාද යන තීන්දුව තීරණය වීමට නියමිතව ඇත.

මේ මස 27 වැනිදා බංගලාදේශ කණ්ඩායම ලංකාවේ සංචාරයක යෙදෙන්නෙ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහාය.  කෙසේ වෙතත් මෙහිදී   බංගලාදේශ ක්‍රිකට් පරිපාලනය පවසන්නේ ඔවුන්ට දින 14 ක නිරෝධාන කාලයක් ලබා දුනහොත් සංචාරයට සහභාගී නොවන බවය.    බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නසමුල් හසන් දක්වා ඇත්තේ    දින හතක නිරෝධානයකට යටත්ව සංචාරයට සහභාගි විය හැකි අයුරුය.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ සෞඛ්‍ය අංශ අතර සාකච්ඡා වට කිහිපයක්ම පසුගි දිනවලදී පැවැත් වුවද   අදාළ සාකච්ඡාවලදී දින හතක නිරෝධාන කාලය ලබාදීමට තීන්දු වූයේ නැත. මේ තත්වය හමුවේ වඩාත් නම්‍යශීලී විසඳුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කෝවිඩ් 19 මැඩ පැවැත්වීමේ පුරෝගාමීන් වන සෞඛ්‍ය අංශ සහ යුද හමුදාපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්විනි.


මේ සම්බන්ධව   අවසන් තීන්දුව අද හෝ හෙට වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැන්වීමට නියමිතව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතයෙන්  පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වූ එංගලන්තය විදෙස් කණ්ඩායම්වලට ලබාදී තිබු නිරෝධාන කාල සීමාව දින හතකි. අයි.පී.එල්. තරගාවලිය ලබන 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන අතර එහිදී කණ්ඩායම් සති තුනකට කලින් එහි ගියද ඔවුන් නිරෝධානය වී ඇත්තේ දින හතක් පමණි. බටහිර ඉන්දීය කොදෙව්වන් සංවිධානය කළ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වූ විදෙස් ක්‍රීඩකයන්ද දින හතක නිරෝධානයකින් පසුව තරගවලට සහභාගි වී තිබේ. ඒ අනූව ජාත්‍යන්තර ක්‍රීඩාව ආරම්භ කිරීමේදී දින 14 ක කාල සීමාවකට යටත්වීමට කණ්ඩායම් මැලිකමක් දැක්වීම හේතුවෙන් ඔවුන් දින හතක නිරෝධානය ප්‍රායෝගික බව සඳහන් කරයි.

Exit mobile version