නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය – දෙවැනි දිනය නිම වනවිට වැඩි ගෞරව ශ්‍රී ලංකාවට…

ටොම් ලැතම් අසිත ප්‍රනාන්දුට ගොදුරු වූ අයුරු...

ක්‍රයිස්චර්ච් හි දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු  ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම දැනට වැඩි ගෞරව හිිමි කරගනිමිනි. දෙවැනි දිනය අවසන් වනවිට නවසීලන්ත කණ්ඩායම කඩුළු 05කට ලකුණු 162ත් ලබාගෙන යම් අසීරු අඩියකය. ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තවත් ලකුණු 193ත් පසුපසිනි.

කසුන් රාජිත කුසල් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය ඉල්ලීමක් කරමින්…

නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් ලැතම් ලකුණු 67ක් රැස් කළේය. ඩෙවොන් ක්‍රොන්වෙල් ලකුණු 30ක් සහ දැනට නොදැවී ක්‍රීඩා කරන ඩැරිල් මිෂෙල් ලකුණු 40ක් ලබාගෙන ඇත.

අර්ධ ශතකය පසු කළ ටොම් ලැතම්…

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර ලකුණු 34ට කඩුලු 02ක්, , අසිත ප්‍රනාන්දු ලකුණු 42ට කඩුළු දෙකක්, කසුන් රාජිත ලකුණු 38ට කඩුල්ලක්, ලබා ගත්තේය.


ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලකුණු 355කට සියල්ලෝ දැවී ගියහ. කුසල් මෙන්ඩිස් ලකුණු 87ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50ක්, ඈන්ජලෝ් මැතිව්ස් ලකුණු 47ක්, ධනංජය ද සිල්වා ලකුණු 46ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් රැස් කළේය.

දිමුත් සහ කුසල්..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ටිම් සවුති ලකුණු 64ට කඩුළු 05ක්, මැට් හෙන්රි ලකුණු 80කට කඩුළු 4ක් බිඳ හෙලීය.

Exit mobile version