ගණිත ක්‍රමයකට පුහුණු වී ඉතිහාසය වෙනස් කරමින් ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ගණිතඥ ක්‍රීඩිකාව

ඔලිම්පික් රන් පදක්කම් ලාභිනියක් කියා සැනින් අපේ සිහියට නැගෙන්නේ සිය මුලු දිවියම ක්‍රිඩාවට කැප කළ තැනැත්තියක් පිළිබඳවයි.

ඕනෑම ක්‍රීඩාවකම ලොව පැවැත්වෙන වාඩාත්ම තරඟකාරී ඉසව්ව ඔලිම්පික් උළෙලීදි පැවැත්වෙන බැවින් එහි රන් පදක්කමක් ලබා ගැනීමට බොහෝ ක්‍රිඩක ක්‍රීඩිකාවන් කුඩා කල සිටම අසීමිතිව පුහුණු පුරුදුවීම් සිදු කරයි.

ඒ හේතුවෙන්ම බහුතරයකට තමන්ගේ ජීවිතයේ අනෙක් වැදගත් කඩයිම් බොහොමයක් මඟ හැරීමට සිදුවෙයි. එහිදී ඇතැමුන් ක්‍රීඩාවට ඇති ලැදියාව නිසාම තමන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා මඟ හරවා ගත් අවස්ථාද එමටය.

මන්ද ඒ ඔලිම්පික් තරඟයක් ජය ගැනීම සුලු පටු නොවන බැවින් සහ ඒ සඳහා ලෝකයේම සිටින දක්ෂතම තැනැත්තා වීමට විශාල කැපකිරීමක් කිරීමට සිදුවෙන බැවිනි.

එහෙත් මෙවර ඔලිම්පික් තරඟාවලියේදී එම සියලු කියමන් උඩු යටිකුරු කිරීමේ සිදුවීමක් වාර්තා විය.

ඇය නමින් ක්‍රීඩිකා ඇනා කීසන්හෝෆර් වන අතර මෙවර ඔලිම්පික් උළෙලීදී ඕස්ට්‍රියාව නියෝජනය කරමින් කාන්තා මාර්ග පාපැදි ධාවන ඉසව්වට එක්වෙමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

 

Ana
ඇනා කීසන්හෝෆර්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය 2017 වර්ෂයේදී වෘත්තීය පාපැදි ධාවනියක් බවට පත්වූ තැනැත්තියක් වන අතර ඇය වඩා වසර ගණනාවක පළපුරුද්දක් ඇති අවස්ථා ගණනාවක ජයග්‍රහණ රැසක් දිනා ඇති තරඟකාරිණියන් විශාල සංඛ්‍යාවක් පරදා කිලෝමීටර් 147ක දුරකින් යුත් ධාවන තරඟ ජය ගැනීමට සමත්වීම සුවිශේෂ කාරණයක් විය.

ධාවන තරඟයේදී ඇය ලෝක ශූරතා පදක්ම්ලාභී තරඟකාරියන් ගමන් කළ පොකුරේ රැඳි සිටීමට සමත්වූ අතර අවසන් කිලෝමීටර් 40 දී ඇය එම පොකුරෙන් මිදී කිසිවෙකු නොසිතූ ලෙසින් ඔලිම්පික් රන් පදක්කම තමන්ට අයත් බවට ලොවමට සනාථ කිරීමට සමත් වූවාය.

කීසන්හෝෆර් සිය තරඟය පැය 3යි තත්ත්පර 45කදී නිමා කිරීමට සමත්වූ අතර ඇය රීදි පදක්කම දිනූ හිටපු ලෝක ශූරියට වඩා තත්ත්පර 75කට වඩා අඩු කාලයකින් තරඟ නිමා කළාය.

එහෙත් ඇය අන් ක්‍රීඩිකාවන්ගෙන් සුවිශේෂී වන්නේ ඇගේ පසුබිම් කතාව හේතුවෙනි. තවමත් තිස් හැවරිදි වියේ පසුවය ඇය ගණිතය පිළිබඳ ආචාර උපාධිධාරිණියකි.

ඇය සිය මූලික ගණිතය පිළිබඳ උපාධිය වියානා තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් සම්පූර්ණ කරන ලද අතර ඇගේ පශ්චාත් උපාධිය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන්ද ආචාර්ය උපාධිය කැටලෝනියා විශ්ව විද්‍යාලයෙන්ද ලබා ගැනීමට සමත්විය.

සිය ජයග්‍රහනය සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නකි. “ තරඟ ආරම්භ කරන්න පෙර සිටම මට පොඩි බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ඇත්තටම බලනකොට මම මේක ජයගන්න සුදුසු නැහැ කියලා හිතෙනවා.”

“කිසිම කෙනෙක් මම දිනයි කියලා හිතුවේ නැහැ. ඇත්තටම මටත් ජය කණුව පසු කරන මොහොතේ දී අදහාගන්න බැරි වුනා.” යනුවෙනි.

ඇය පවසන පරිදි ඇගේ පවුල් පසුබිමේ කිසිවෙකු පාපැදි ධාවනය පිළිබඳ ලොකු ඇල්මක් තිබූ පිරිසක් නොවේ. එහෙත් තරඟයේදී ඇය පදක්කමක් දිනාගතහොත් සිය පවුලේ සාමාජිකයින්ට දැනෙන සතුට පිළිබඳ නිරන්තරයෙන් සිහිපත් කළ බවද මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

සී.එන්.එන් පුවත් සේවය ඇය ප්‍රකාශ කර ඇත්තේ  අපූරු කතාවකි

“ගණිතඥයෙක් විදිහට ලබාගත් දැණුම යොදාගනිමින් මම මගේ පුහුණුවීම් කළා. මම ඒ දැණුම යොදා ගනිමින් මගේ පෝෂණය ඇතුලු සියලුදෑ සැලසුම් කළා. මම ගොඩක් වෙලාවට තනියම කටයුතු කරන්න කැමති කෙනෙක්.”

“අනෙක් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පෝෂණය සහ පුහුණුවීම් සැලසුම් කරන්න සහයවෙන අය සිටිනවා. ඒත් මම ඒ සියල්ලම මගේ ගණිත දැණුම යොදාගෙන සිදු කළේ. ” යනුවෙන්ද ඇය සී.එන්.එන්. පුවත් සේවය ප්‍රකාශ කර තිබේ.

කීසන් හෝෆර් යනු මෙතෙක් පැවති ඔලිම්පික් ඉතිහාසය වෙනස් කළ සුවිශේෂී චරිතයක් නොරහසකි. ඇය ක්‍රිඩාව සහ අධ්‍යාපනය සමබරව පවත්වාගෙන යාමට හැකිබව සනාථ කිරීමට කදිම නිදසුනකි.

Exit mobile version