කොරෝනා කාලයේ ජිම් ගියේ මැතිව්ස් සහ තිසර විතරද

පුහුණුව පටන් ගත්තත් ක්‍රීඩකයන් ගෙන්වන්න වෙන්නෙ කොටස් වශයෙන්.. මුලින්ම වේග පන්දු යවන්නො...

PERERA-MATHEWS

මාස දෙකකට ආසන්න කාලයක් සමස්ත ශ්‍රී ලංකාවම අගුලු දමා තිබීම හේතුවෙන් මෙරට ප්‍රධාන ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවද නැවතී තිබුණි. ඒ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීර සෞඛ්‍ය ගැන විපරම් කළ ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර්ට දැන ගැනීමට හැකිව ඇත්තේ අංග සම්පුර්ණ ජිම් කට්ටලයක් තිබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරාගේ නිවසේ පමණක් බවය.

“අපිට ක්‍රීඩකයන් 30 ක් විතර ඉන්නවා. නිසැක වශයෙන්ම ඇඳිරිනීතිය නිසා ඔවුන් නිවසට වී සිටියා. අපිට ඉන්නවා ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා වැනි ක්‍රීඩකයන්. ඔවුන්ට තමන්ගේ නිවෙස්වල අංග සම්පූර්ණ ව්‍යායාම ශාලාවක් තියෙනවා. නමුත් තරුණ කොල්ලන්ට එතරම් පහසුකම් නැහැ. ඒ නිසා අපේ කාර්ය මණ්ඩලය විසින් ක්‍රීඩයින්ට ලබාගත හැකි පහසුකම් මත පදනම්ව පුහුණු වැඩසටහන් සකස් කර තියෙනවා. අපේ ක්‍රීඩකයන් ඔවුන්ගේ ශාරීරික පුහුණුවීම් කරන අතර මම ගොඩක් වෙලාවට ඔවුන් සමග ඉඳගෙන කටයුතු කරනවා. පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලය සමග සන්නිවේදනය කරමින් එක් එක් ක්‍රීඩකයන් වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. මම මේ කණ්ඩායම සමග මාස තුනක් ගත කර තියෙන නිසා ක්‍රීඩකයන් කවුරුන්ද සහ ඔවුන්ව ඉදිරියට ගෙනියන්නේ කෙසේද කියා දන්නවා. මම ක්‍රීඩකයන් වෙනුවෙන් සකස් කළ සැලසුම් කිහිපයක් ඔවුන් සමගත් සාකච්ඡා කර තියෙනවා. මේ කාලයේ ඔවුන්ව ක්‍රියාශීලීව තබා ගැනීමට මම උත්සාහ කර තියෙනවා.“ යැයි මිකි ආතර් පවසයි.

කෙසේ වෙතත් ක්‍රීඩකයන්ව ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් පුහුණුකරු මිකී ආතර් ඔවුන් සමග සිය රාජකාරි කටයුතු කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් මිකී ආතර් කොළඹ හෝටයක තනිවී සිටිය ද ඔහු පවසන්නේ තමා උදේම නැගිට ජිම් එකට ගොස් පසුව පිහිණුම් තටාකයට ගොස් දවස අරඹන බවයි. අනතුරුව ක්‍රීඩයන් සමග වට්ස්ඇප් ඔස්සේ සාකච්ඡා කරන බවයි. ක්‍රිකට් ක්‍රීඩකයන් සියලුම දෙනාම වට්ස්ඇප් ගෲප් එකකට එකතුවී ඇති බැවින් සියලු දෙනාම එකිනෙකා අතර සම්බන්ධතාවය එම ගෲප් එක මගින් කරගෙන යනු ලබයි.


ක්‍රීඩකයන් සමග ඇති සන්නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරුවා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ක්‍රීඩකයන් පුහුණුවන විට මට ඔවුන් සමග විශාල සන්නිවේදනයක් තියෙනවා. ඔවුන්ට මා සමග බොහෝ දේ බෙදා ගැනීමට සිදුවී ඇති අතර එමගින් ක්‍රීඩකයන්ගේ සැලැස්ම අනෙක් පුහුණුකරුවන් සමග එක්ව කිරීමට මම ඉඩ ලබාදී තියෙනවා. මම මගේ අදහස ඔවුන් සමග බෙදාගෙන තියෙනවා. අපි නොදන්නා අවධියකයි සිටින්නේ. මේ කාලයේදි අපේ වට්ස්ඇප් ගෲප් එක කියවීම සෑම දෙනාටම සෑම දිනකම වගකීමක් තියෙනවා. ඒ මගින් ක්‍රීඩකයන් ඉන්න තැන ඉඳලා ඔවුන්ගේ මිතුරන් සමග යාවත්කාලීන කර ගැනීමට උත්සහ කර තියෙනවා. මා සතු සියලු තොරතුරු මම ඔවුන් වෙත යවා තියෙනවා. ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසුව අපිට පුහුණුකරන්න අවස්ථාව ලැබෙයි. නමුත් අවසර ලැබෙන්නේ ක්‍රීඩකයන් සුළු සංඛ්‍යාවක් ගෙන ඒමට පමණයි. ඒ නිසා අපිට මුලින්ම වේග පන්දු යවන්නන්ව ගෙන්න ගන්න වෙනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රේක්ෂකයන් නොමැතිව හෝ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත් නැතහොත් සමස්ත ක්‍රිකට් ලෝකයම දැඩි මුල්‍ය අර්බුදයකට  ලක්වන බවත් පවසන මිකී ආතර් විස්සයි විස්ස ලෝක කුසලාන මේ වසරේදී කෙසේ හෝ පැවැත්විය යුතු බවද සඳහන් කර සිටියි.

Exit mobile version