“මෙන්ඩිස්-දික්වැල්ල-ගුණතිලකට දැන්වත් පාඩමක් උගන්වන්න ඕනෑ” – අරවින්ද ද සිල්වා

එංගලන්තයේ දී ජෛව-බුබුළ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පියවරක් ගත යුතු බවට යෝජනා කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුෂ්ක ගුණතිලකට දැඩි ලෙස බැණ වැදී ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩකයින් තම රට නියෝජනය කිරීමේ වගකීම අවබෝධ කර ගත යුතු බවත් ජෛව බුබුල තුළ රැඳී සිටිය යුතු බවත් ඔහු අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ මෑතකදී අවසන් වූ එංගලන්ත සංචාරයේදී කොවිඩ් ආරක්ෂිත ප්‍රොටෝකෝල උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලංකා ක්‍රීඩකයින් තිදෙනාම වැරදිකරුවන් විය. එහි ප්‍රතිඵලයක් ලෙස තිදෙනා අතරමගදී තරගයට සහභාගි වීම අත්හිටුවා ආපසු කැඳවිණි.


ඩේලි නිවුස් පුවත් උපුටා දක්වමින් රූපවාහිනී වැඩසටහනකට අදහස් දක්වමින් අරවින්ද ද සිල්වා කියා සිටියේ ඔවුන්ගේ වැරදි හැසිරීම සහ විශේෂයෙන් ඔවුන් පිටියෙන් ඉවත් කර ඇති වරද කුමක්ද යන්න ඔවුන් වටහා ගත යුතුව තිබු බවය. “ඔවුන් තම වගකීම වටහාගෙන රට නියෝජනය කළ යුතුයි. ජෛව බුබුලක් නිර්මාණය වූ විට ඔවුන් ජීවත් විය යුත්තේ ඒ නීති රීති අනුවයි.”

1996 ලෝක කුසලාන ජයග්‍රාහණය කළ අරවින්ද වැඩිදූරටත් කරුණු දැක්වූයේ මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලකගේ විනය සම්බන්ධයෙන් දුර්වල පෙර වාර්තා ඇති බවයි.

මෙවර ක්‍රීඩකයන් තිදෙනාට පාඩමක් ඉගැන්විය යුතු බව අරවින්ද ද සිල්වා තරයේ කියා සිටියේය.

“මෙම ක්‍රීඩකයින් තිදෙනා මීට පෙරත් ඔවුන්ගේ වෘත්තීය දිවියේ නරක වාර්තා තබා ඇති අයයි. අපි ඒ අවස්ථාවේ සුදුසු දඩුවමක් ලබා දුන්නේ නම්, ඔවුන් මේ ආකාරයේ වැරැද්දක් නැවත සිදු නොකරන්න ඉඩ තිබුණා. අපට ඔවුන්ට සුදුසු දඬුවමක් ලබා දිය නොහැකි නම්, ඔවුන් කිසි විටෙකත් මෙම සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගන්න එකක් නෑ ”හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය මාසයේදී එංගලන්ත සංචාරය අතරතුරදී තරගයට පෙර ජෛව බුබුල කඩ කළ බවට නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස්ගේ වීඩියෝවක් සමාජ ජාලයට මුදාහැර තිබූ අතර එය ලොව වටා ක්‍ර්‍රිකට් ලෝලීන් අතර වේගයෛන් සංසරණය විය.

Exit mobile version