කත්මණ්ඩු සාෆ් තරගාවලියේ දී සිදුකළ දූෂණ විමර්ශන වාර්තාව අතුරුදන්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නේපාලයේ පැවැත්වූ පසුගිය සාෆ් තරගාවලියේ දී පැසිපන්දු කණ්ඩායමේ තරග පාවාදීම, බොක්සිං ක්‍රීඩකයකු තේරීම් කමිටුවේ අනුදැනුමෙන් තොරව මාරු කිරීම හා මාස් ආයතනයෙන් පිරිසක් නිලධාරින් ලෙස යාම, තුන්ප්‍රයාම කණ්ඩායමක් අවසරයකින් තොරව ගෙන යාම හා ඔවුන්ට අමාත්‍යංශයෙන් වැරදි ලෙස පුහුණුවට මුදල් වෙන්කිරීම, ඇතුළු අක්‍රමිකතා 14ක් පිළිබඳ විශේෂ කමිටුවක් විසින් සිදුකළ විමර්ශන වාර්තාව මේ වනවිට අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

මෙම වාර්තාව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා ඇමතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති පොලිස් විමර්ශන ඒකකයට යොමු කර තිබේ.

එහෙත් මේ වනතුරුත් ඵලදායී විමර්ශනයක් ඇරඹී නැති බවත්, බොක්සිං ක්‍රීඩක හුවමාරු සිද්ධියට අදාලව චෝදනා ලැබූවකු දැනට ජාතික ක්‍රීඩා සභාවේද සේවය කරන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Exit mobile version