ඒ තරගාවලියත් පාරාදයි… ධනංජයගෙ ලකුණු 91 අපරාදෙ…

කුසල් ගේ කණ්ඩායම යළිත් “ෆෑන්ස්ලා“ ගේ සිහින බිඳියි... කුසල් කියන්නා සේ “ෆෑන්ස්ලා“ හොඳ හින්දා හොඳයි...

සෑම් කරන් කඩුළු 05ක් ලබාගත් පසු...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද අළුයම ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියත් පරාජය වුණේය. ඒ එංගලන්තය හමුවේ දෙවන එක්දින තරගය කඩුළු 8ක දැවැන්ත පරාජයක් ලබමිනි.

දිගින් දිගටම ලබන ක්‍රිකට් පරාජයන් අතරට තවත් පරාජයක් එක් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද අලුයම සිදුවුණා. එය තවත් එක් පරාජයක් පමණක් නොව තරගාවලි පරාජයක් ද වනවා. ඒ, එංගලන්තය සමග පැවැති දෙවන එක්දින තරගයෙන් කඩුළු 08 කින් පරාජය වීමත් සමගය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 දී කඩුළු 09 ක් දැවී ලකුණු 241 ක් රැස් කළේය. කණ්ඩායමේ මුල් කඩුළු 3 දැවී ගියේ ලකුණු 12කටය. ලකුණු 86ක් වනවිට කඩුලු 05ක් දැවී ගොස්ය. පන්දු ඕවර 50 ක්‍රීඩා කරනු ඇතිදැයි නොසිතුණු අවස්ථාවක, ලකුණු 150 සීමාවත් නොපෙනෙන දුරක තිබුණු මොහොතක ධනංජය ද සිල්වා ලබාගත් ලකුණු 91ක ලංකාවේ විලි ලජ්ජාව බේරුවේය.

දසුන් ශානක ලකුණු 47ක් ලබා ගත්තේය. වනිඳු හසරංග ලකුණු 26ක් ලැබුවේ. යන්තම් ලකුණු 241ක් ලකුණු පුවරුවේ සටහන් විය.

සෑම් කරන් ශ්‍රී ලංකා ඉනිම සුනු විසුණු කළේය. ඔහු ලකුණු 48ට කඩුළු 05ක් බිඳ හෙළුවේය. ඩේවිඩ් විලී ලකුණු 64කට කඩුළු 4ක් ලබා ගත්තේය.

නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවෝ සිඟිති පාසල් ක්‍රීඩකයන් ගණනට හෙළූහ. කිසිම අභියෝගයක් ඒ පන්දුවලින් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍ණ්ඩායමට හැකි වූයේ නැත. එංගලන්තය ලකුණු 244ක් සහිතව තරගය ජයග්‍රහණය කළේ කඩුළු දෙකක් පමණක‍් දැවී යාමෙනි.

නායක ඉයන් මෝගන් නොදැවී ලකුණු 75 ක් සහ ජෝ රූට් නොදැවී ලකුණු 68 ක් රැස් කළහ. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න හා වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ. තරගයක් ඉතිරිව තිබිය දී තරගාවලි පරාජයක් ලැබී තිබිණි.

සැලැස්මක්, හෝ අධිෂ්ඨානයකින් තොර ක්‍රීඩා විලාශයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් පෙන්නුම් කළ ආකාරය අන්තර්ජාතික විචාරකයෝ විවේචනය කළහ.

Exit mobile version