එල්.පී.එල් පළමු වටයේ තරග සියල්ල කොළඹ… කොවිඩ් අඩුවීම නිසා ගත් තීන්දුවක්!

දෙසැම්බර් මස 5 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් (LPL) තරගාවලියේ පළමු වටයේ සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සැලසුම් කර තබේ. ඒනුව පළමු වටයේ තරග 11ක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇත.

කොවිඩ් වසංගතය යම් පමණකට පාලනය වීමත් සමග තරගාවලියෙන් කොටසක් කොළඹට රැගෙන ඒමට තීන්දු කළ බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග කීවේය.

අවසන් වටයේ තරග හතර සූරියවැව දී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ. අවසන් මහ තරගය දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය වසරේ පැවැති පළමු එල්.පී.එල්. තරගාවලියේ සියලුම තරග පැවැත්වුණේ සූරියවැව  ක්‍රීඩාංගනයේ දී ය.

 

 

Exit mobile version