එල්.පී.එල්. තරග සංවිධාන කටයුතු අරවින්දලා ප්‍රතික්ෂේප කරයි…

ජුලි මස 29 සිට අගෝස්තු මස 22 දක්වා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති දෙවෙනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2021) තරගාවලියේ සංවිධාන කටයුතුවලට එක්වීම  අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් උපදේශක කමිටුව විසින් ප්‍රතික්ෂේපකර ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළිකරයි.

අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් උපදේශන කමිටුව මගින් මෙවර තරගාවලියේ සංවිධාන කටයුතු කෙරෙන බව මුලින් ප්‍රකාශ කර තිබිණි.

මෙවර තරගාවලියට අලුත් කණ්ඩායමක් එක්වනු ඇතැයි කලින් සඳහන් කෙරුණත් මෙවරද පසුගිය වතාවේ ක්‍රීඩා කළ කණ්ඩායම් පහම පමණක් ක්‍රීඩා කරනු ඇතැයි සඳහන්.


පසුගිය වතාවේ කණ්ඩායම් හිමිකාරිත්වය දැරූවන් කිහිපදෙනෙකුම පසුගිය තරගාවලිය පිළිබඳ අසතුටින් පසුවීම නිසා මෙවර ඉන් ඉවත් වීමට යන බවත් වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවරද තරග පැවැත්වෙන්නේ ප්‍රේක්ෂකයන් නොමැතිවයි.

Exit mobile version