අයි.සී.සී. සභාපතිකමට ගංගුලිව ඔසවා තබන මෙහෙයුමක්…

හිටපු ක්‍රිකට් නායක මෙන්ම වත්මන් ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ සභාපති සව්රව් ගංගුලි මීලඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන් පත්විය යුතු බවට දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රැහැම් ස්මිත් පවසයි. ඔහුගේ මතය තවත් බොහෝ දෙනකු අනුමත කරමින් මීළඟ අයි.සී.සී. සභාපතිවරයා වශයෙන් ගංගුලි පත්කිරීමට යෝජනා සම්මත කරගැනීමේ මෙහෙයුමක් දැන් ආරම්භ වී තිබේ.

කොරෝනා වසංගතයත් සමග ගංගුලිගේ නම අයි.සී.සී. සභාපති කමට යෝජනා වීමට ප්‍රථම එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති කොලින් ග්‍රේව්ස් එම තනතුරට පත්කිරීමට යෝජනා වී තිබුණි. පසුගිය වසර පහකට ආසන්න කාලයේදී අයි.සී.සී. මුල් පුටුව වැඩි වරක් හොබවා ඇත්තේ ඉන්දියානු ජාතිකයන් වන සිරිනිවාසන් සහ වත්මන් සභාපති මනෝහර්ය. ‘අයි.සී.සී.යට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. ඒ සඳහා ගංගුලි හොඳම තේරීම වනු ඇත.” යනුවෙන් ඉන්දියානු හිටපු නායකයකු කළ ප්‍රකාශයට දකුණු අප්‍රිකානු ක්‍රිකට්වලින් හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීලඟ අයි.සී.සී. නිලවරණය ලබන ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී අයි.සී.සී. යේ අධ්‍යක්ෂවරුන් 15 දෙනාට එක් අපේක්ෂකයා බැගින් යෝජනා නම් කරනු ලබයි.  දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක ස්මිත් පවසන්නේ, “ගංගුලි වැනි කෙනකුට අයි.සී.සී. සභාපතිවරයා වනු දැකීම සතුටක්. ඔහුට අද දවසේ ක්‍රීඩාවේ ස්වභාවය වටහා ගැනීමට පුළුවන්. මම ඔහුව හොඳින් දන්නවා. ඔහු විශ්වාසනීය නායකයකු මෙන්ම නායකත්වයේ කුසලතා තියෙන පුද්ගලයෙක්.” යනුවෙනි.


Exit mobile version