අයි.පී.එල්. ලොකුම සල්ලි බෙදිල්ල මෙවර තරගාවලියේදී

13 වැනි වරටත් පවත්වනු ලබන අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය සූදානමින් සිටියි.

එහිදී අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මුදල මෙවර ලබාදීමට සංවිධායකයන් කටයුතු කර තිබීම විශේෂත්වයකි.

අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීම තවමත් වැට උඩ තත්ත්වයකට පත්ව ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීම සම්බන්ධව අයි.සී.සී.ය තවමත් කෙළින් පිළිතුරක් ලබා නොදීම හේතුවෙනි.


මෙවර අයි.පී.එල්. පැවැත්වීමට නොහැකි වුවහොත් ඉන්දියානු ක්‍රිකට් ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක පාඩුවක් සිදුවන බව ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් මෙතෙක් ක්‍රියාත්මක වු අයි.පී.එල්. අදියර 12 ට වඩා වැඩිම ත්‍යාග මුදල මෙවර ලබාදීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබීම තරගාවලියේ උණුසුම වැඩි කරවන්නක් වී තිබේ.

එහිදී ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2.9 ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි දහයක්ද අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.8ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි 6.25 ක්ද හිමිවේ.

මේ අතර තරගාවලිය් තෙවැනි ස්ථානයට ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක්ද සිව්වැනි ස්ථානයට ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක්ද හිමිවේ.

ඒ අනුව මෙවර අයි.පී.එල්. තරගාවලියේ ජයග්‍රාහකයන් අතර ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි 24.6 ක් බෙදී යයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී ජයගාහී මුදලෙන් 50% ක් ක්‍රීඩකයන් අතර බෙදී යා යුතුය. නමුත් මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් අයි.පී.එල්. පවත්වන ස්ථානය තවමත් නිශ්චිතව ප්‍රකාශකිරීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය අපොහොසත්ව තිබේ.

Exit mobile version