ගුරුවරුන් පමණක් එන කරච්චි නුවර පාසල් 

පාකිස්තානයේ කරච්චි නගරයේ පාසල් 276ක එකඳු සිසුවෙකු හෝ අධ්‍යාපන නොලබන බවත් එම පාසල් වල ගුරුවන් 317ක් සේවය කරන බවද වාර්තා වේ.
පසුගියදා කරච්චි නගරයේ පාසල් පදනම් කරගෙන පළවූ නවතම වාර්තාවට අනුව මේබව අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව කරච්චි නගරයේ පාසල් දෙදහස් අටසිය හතලින් හතරක් පවතින ඉන් පාසල් 276ක මෙලෙස සිසුන් නොසිටින බවත් අනාවරණය වී ඇත.
පාකිස්තායේ පාසල් වල පවතින අඩු පහසුකම් සහ පුහුණු  ගුරුවරුන්ගේ පවතින ගිඟය මීට හේතුවී ඇති බවද අදාල වාර්තාව මගින් අනාවරණය වී තිබේ.

Join our WhatsApp / Telegram groups below.


Exit mobile version