වයස අවුරුදු 18-20 අතර මෙරට සිටින සියලුම තරුණ තරුණියන්ට සන්නද්ධ හමුදා පුහුණුවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ ඉල්ලා සිටිති.
2023 අයවැය විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ රටේ තරුණයින්ට පෞරුෂයක් නොමැති බවයි.
“ජාතියේ විනය පිරිහිලා. තරුණයින්ට පෞරුෂයක් නැහැ. අඩි 10ක් ගැඹුරු ළිඳකට පැන්නොත් ඔහු මැරෙනවා. මුහුදේ නාන්න බැහැ. පොල් ගහකට නගින්න බැහැ. අපේ රට කිසිම ධෛර්යයක් සහ අධිෂ්ඨානයක් නැති ජාතියක් බවට පත්වෙලා” උන්වහන්සේ පැවසූහ.
“පාසල්වලට යන 350,000ක් ඉන්නවා, අපි බලන්න ඕන ඒ අයට හමුදා පුහුණුවක් දෙන්න. පාසලට ඇතුළත් කරනවා වගේම වයස අවුරුදු 18-20 අතර සියලුම දෙනා සන්නද්ධ හමුදා පුහුණුවට ඇතුළත් කළ යුතුයි.“
රතන හිමියන් කීවේ එසේය.
At present the dicipline of #SriLanka as a nation has eroded. The youth have no charisma. They are unable to swim or to even climb a coconut tree. All youth between 18 & 20 should undergo armed #military training – MP Ven. Athuraliye Rathana #Colombo #SLnews #Parliament pic.twitter.com/5wHvH66bH8
— Manthri.LK_Watch (@ManthriLK_Watch) November 26, 2022







