පාකිස්තානය සහ නවසීලන්තය අතර සිඩ්නි නුවරදී අද (09 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 4 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තේරුවේය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩෙරල් මිෂෙල් පන්දු 35ක දී හතරේ පහර 03ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 53ක් ලැබුවේය.
නායක කේන් විලියම්සන් පන්දු 42ක දී ලකුණු 46ක් ලැබුවේය. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහක් ඇතුළත් විය. ඩෙවොන් කොන්වෙයි පන්දු 20ක දි ලකුනු 21ක්, ජෙම්ස් නීෂාම් පන්දු 12ක දී නොදැවී ලකුණු 16ක් ලැබුවේය.
පකිස්ථානය වෙනුවෙන් ෂහීන් ෂා ඇෆ්රිඩි ලකුණු 24ට කඩුලු 02ක්, මොහොමඩ් නවාස් ලකුණු 12ට කඩුල්ලක් ලැබුවේය.
පකිස්ථානයට ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබී තිබේ







