දිනසේන රතුගමගේ
වවුනියාවේ පූවරසන්කුලම අර්බා නගර් ප්‍රදේශයේ පුරා විද්‍යා ස්ථානයක් විනාශ කොට නිධන් හෑරීමට පැමිණි කණ්ඩායම අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කරණ පොලිස් පරීක්ෂකවරයෙකුද සිටින බව පූවරසන්කුලම පොලීසිය 7 දා පැවසීය.
ඔහු පාදුක්ක ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර නිධානය හෑරීමේ මහ මොළකරු ලෙස කටයුතු කොට ඇත්තේද වාහන සපයා ඇත්තේද මෙම පොලිස් පරීක්ෂකවරයා විසින් බවට තොරතුරු හෙළි වී තිබේ.
නිධන් හෑරීමේ සිද්ධිය මත පූවරසන්කුලම පොලීසිය විසින් පුද්ගලයින් අටදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් අතර මෙම පොලිස් පරීක්ෂකවරයාද සිට ඇත.
සැකකරුවන් 7 දා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.