පූජකවරුන් හා කන්‍යා සොයුරියන් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමට පුරුදු වී ඇති බවත් එය ‘පූජක හදවත දුර්වල කරන’ බවටත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනතුරු අඟවා ඇත.
බීබිසී මාධ්‍ය වාර්තා කරන අන්දමට 86 හැවිරිදි වියේ පසුවෙන පාප් වහන්සේ මෙලෙස පවසා ඇත්තේ වතිකානුවේ පැවති සැසියකදී, ඩිජිටල් හා සමාජ මාධ්‍ය වඩාත් හොඳින් භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
‘අසභ්‍ය දර්ශන (පොර්නෝග්රැෆි) බොහොමයක් මිනිසුන් සතුව තිබෙන…. පූජකයින් හා කන්‍යා සොහොයුරින් ළඟ පවා ඇති නරක දෙයක්.. යක්ෂයා එතැනින් ඇතුළු වෙනවා..” පූජකවරුන් ඇතුළු සම්මන්ත්රණකරුවන් අමතමින් උන්වහන්සේ පවසා තිබේ.
වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් පාප්වහන්සේ පවසා ඇත්තේ ‘ජේසුස් වහන්සේ දිනපතා ලැබෙන පිරිසිදු හදවත්වලට අසභ්‍ය දර්ශන තොරතුරු ලැබිය නොහැකි… එවැනි දේ ඔබේ දුරකථනයෙන් මකා දමන්න.. එවිට ඔබේ අතේ ඒ සඳහා පෙළඹවීමක් නොමැති වේවි..” යනුවෙනි.
ඩිජිටල් ලෝකයේ හා සමාජ මාධ්‍යවල සැරිසැරීමේ දී ඒ සඳහා වැඩි කාලයක් නාස්ති නොකරන ලෙසත් පාප්වහන්සේ ඉල්ලා සිටියහ.
පල්ලියේ ඉගැන්වීමේ අනුව අසභ්‍ය දර්ශන නැරඹීම නිර්මලකමට එරෙහි වරදකි.







