2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහිව අද පැවති තරගයේ දී ලකුණු 56ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.
2 ඛාණ්ඩයේ තරගයක් ලෙස සිඩ්නිහිදී පැවති තරගය තරගාවලියේය 23 වැනි තරගය විය. කාසියේ වාසිය දිනූ ඉන්දියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තේරුවේය.
ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තේය.
ඉන්දීය පිල වෙනුවෙන් සුර්යකුමාර් යාදෙව් පන්දු 25කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 51ක් ලැබුවේය. යළිත් වරක් විරාට් කෝලි සාර්ථකය. කෝලි ලකුණු 62ක් ලැබුවේය. ලකුණු අතර නොසිටි රෝහිත් ශර්මා ලකුණු 53ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 123ක් පමණි.
පන්දු යැවීමේදී ඉන්දිය පිලේ බුවනේෂ්වර් කුමාර්, අර්ෂදිප් සිං, අක්සර් පටෙල් සහ රවිචන්ද්‍ර අශ්වින් කඩුලු දෙක බැගින් දවා ගත්හ.
මේ වනවිට සිම්බාබ්වේ පකිස්ථාන් තරගය ආරම්භ වී ඇත.







