පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ තරග තුනක් අද දිනය තුළ පැවැත්වේ.
මේ වනවිට බංගලාදේශය සහ දකුණු අප්රිකාව අතර තරගය පැවැත්වෙමින් තිබේ. එම තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත. මේ වනවිට තරග අත්හිටවා තිබේ. තරගය පන්දු ඕවර 5.3ක් ක්රීඩා කර ඇත.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දෙන දකුණු අප්රිකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් රැස් කරගෙන තිබේ. නායක ටෙම්බා බවුමා ලකුණු 02කට දැවී ගියත් ක්වින්ටන් ඩි කොක් සහ රිලී රොසෝව් වේගවත් පිතිකරණයක යෙදෙමින් කඩුල්ලේ රැඳී සිටිති.
රොසෝව් පන්දු 17ක දී ලකුණු 35ක් ද ක්වින්ටන් ඩි කොක් පන්දු 12ක දී ලකුණු 21 ද ලබාගෙන ඇත.
අද සවස 12.30ට ඉන්දියාව හා නෙදර්ලන්තය අතරත් තුන්වන තරගය පස්වරු 4.30ට පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතරත් පැවැත්වීමට නියමිතය.







