අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨා හොඳටම කළ හැටි යළිත් පෙනෙයි… රටේ දුප්පත්කම පස් ගුණයකින් වැඩිවෙයි!

by editor
ඔක්තෝබර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එන විට සියයට 3.2ක්ව තිබූ දුප්පත්කම එම දර්ශකවලින්ම බැලීමේදී දැන් සියයට 14.3ක් බවට පත්ව ඇති බවත් ඒ අනුව රටේ ජනතාවගේ දුප්පත්ම දල වශයෙන් පස් ගුණයකින් පමණ වැඩි වී ඇති බවත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

දිළිඳුකම පිළිබඳව නිර්වචනය කිරීමේ දී  ආදායම් වියදම් පමණක් නොව අධ්‍යාපනය සෞඛ්‍ය සමාජ ආරකෂණය වැනි සංරචකද සලකා බැලුවද මෙහිදී රටේ සාමාන්‍ය පවුලක ආදායම, වියදම, ඉතිරි කිරීම, ණය කොපමණද ඇතුළු ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණ මඟින් පමණක් සලකා බැලීමෙන් පමණක් මෙලෙස දළිඳුකම වැඩි වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැහැදිළි කළ ආචාර්ය හර්ෂ ද සිල්වා  මෙසේ ද කීවේය.

“අපි හිතන් හිටියේ පරණ දර්ශකවලට අනුව 2019 වෙනකොට ශ්‍රී ලංකාවේ දුප්පත්කම 3.2%යි කියලා හැබැයි අපි දැන් දන්නවා පාවිච්චි කළ යුතු දර්ශක වලට අනුව ශ්‍රී ලංකාවේ දුප්පත්කම 14.3%යි එය විශාල වැඩිවීමක්. අපි හිතාගෙන හිතපු දේ නෙමෙයි ඇත්තටම මහපොළොවේ තිබිල තියෙන්නේ.

අපේ රටේ මිනිස්සුන්ගේන් 14.3% ක් දුප්පත්. එය නිර්වචනය කරන්න සමාජ විද්‍යාඥයෝ, ආර්ථික විද්‍යාඥයෝ, නොයෙකුත් සංකල්ප පාවිච්චි කරනවා එහි ආදායම් වියදම් මත පමණක් තීරණය වෙන දුප්පත් කමක් නෙමෙයි අධ්‍යාපන අවශ්‍යතා, සෞඛ්‍ය අවශ්‍යතා, සමාජයේ ඉදිරියට යන්න තියෙන අවශ්‍යතා සියල්ල හොයල බලනවා. ඒක වෙනම විශ්ලේෂණය කරල තියෙනවා. නමුත් මෙතන පාවිච්චි වෙන්නේ ආදායම සහ වියදම් කිරීමේ හැකියාව මත තීරණය වෙන දුප්පත්කම.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එතකොට ලංකාවේ තියෙනවා දරිද්‍රතා රේඛාවක්. එයට අනුව අපි බලනවා පුද්ගලයකුට මැරෙන්නේ නැතිව ජීවත් වෙන්න කොච්චර කැලරි ප්‍රමාණයක් දවසකට අවශ්‍ය ද කියලා. ඒවා බත් වලින් කොච්චර ලැබෙනවද පිටිවලින් කොච්චරද පරිප්පුවලින් මාළුවලින් පලතුරුවලින් යන ආදි වශයෙන්.  සමහරුන්ට 2030ක් කිලෝ කැලරි අවශ්‍යයි කියලා තියෙනවා. එහිදී මේ කිලෝ කැලරි 2030 ලබාගන්න හතර දෙනෙක් ඉන්න පවුලකට 2019 රුපියල් 27864 වියදම් වෙලා තිබුණේ. නමුත් 2022 අගෝස්තු වෙන විට මේ සංඛ්‍යාව රුපියල් 53840ට වැඩි වෙලා තියෙනවා.

කොළඹ නගරය ගත්තොත් රුපියල් හැට දාහකට වැඩි වෙලා තියනවා. දරිද්‍රතා රේඛාව අනුව එහිදී හිතාගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ආපු දවසේ ඉඳලා අද වෙනකොට කොච්චර දුරට මේ දුප්පත්කමේ ගැටලුව තවදුරටත් භයානක වෙලා සංකීර්ණ වෙලා පුළුල් වෙලා තියෙනවද කියන එක.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආගමනයේ ඉඳලා ගිය මාසය වෙනකම් ආහාර උද්ධමනය 133%කින් වැඩි වෙලා. සෞභාග්‍ය ගෙනාපු පුද්ගලයා හොඳටම කරනකොට ඒ හොඳටම කෙරිම හරහා අහාර උද්දමනය 133%වැඩිවෙලා තියෙනවා. ඒ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව. එහෙමනම් රුපියල් 27000 කට තිබිච්ච දරිද්‍රතා රේඛාව රුපියල් 53000කට ඉහළ ගිහින් තියෙනවා. එහෙම නම් අද දරිද්‍රතාවේ කීයද අද .ලෝක බැංකුව කියනවා 13% තිබිච්ච දරිද්‍රතාවය 2019 අද වෙනකොට 25.6%ට ගිහින් කියලා. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ඇතුළු කණ්ඩායමක් කරපු දීප ව්‍යාප්ත සමීක්ෂණයට අනුව ඔවුන් කියනවා ලංකාවේ දරිද්‍රතාවය 45% ක් කිට්ටු කරලා තියෙනවා කියාලා.

දැන්වත් භයානකම තේරුම් ගන්න අපේ රටේ මිලියන විසි දෙකක් ජනගහනයෙන් 2019 රාජපක්ෂලා මේ රට ගන්නකොට අලුත් දත්තවලට අනුව ලංකාවේ ලක්ෂ 30ක් දුප්පත්. හැබැයි දැන් මේ විශ්වවිද්‍යාල ඉදිරිපත් කරල තියන දත්ත වලට අනුව ලංකාවේ ලක්ෂ 96ක් දුප්පත්. ලක්ෂ 30 ඉඳලා ලක්ෂ 96කට හොඳටම කරලා තියෙනවා. දුප්පත් කමක් දෙගුණ නෙමෙයි තෙගුණ කරලා.

අපි තේරුම් ගන්න ඕන අපි කියපු අවස්ථාවේ දී මෙම ආර්ථික ප්‍රශ්ණයට පිළිතුරක් හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ කළා නම් මේ ගැටලුව මේ තරම් තීව්‍ර වෙන්නෙ නෑ. ඒ  වෙනුවට අද කරන්න යන ප්‍රතිසංස්කරණ සංසන්දනය කළොත් එදාට වඩා ගැඹුරු ප්‍රතිසංස්කරණ කරන්න දැන් සිද්ධවෙනවා.   නමුත් ඒ කළ යුත්තේ දෙගුණයක් වූ දුප්පත්කම තියෙන රටක නිසා අපිට මේ ප්‍රශ්නය මෙයාකාරයෙන් ගොඩ ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නය අපිට අහන්න වෙනවා.

උදාහරණයක් හැටියට ආණ්ඩුව කියනවා දැන් අපට කරන්න දෙයක් නෑ බදු වැඩි කරන්න වෙනවා කියලා.   දැන් ලක්ෂයක ආදායම තියෙන පුද්ගලයගෙ ඉඳන් බදු ගහන්න පටන් අරන් තියෙනවා. මතක තියාගන්න මං කලින් කිව්වා කොළඹ නගරයෙ මැරෙන්න නැතුව ජීවත්වෙන්න හතර දෙනෙක්ගේ පවුලකට රුපියල් හැටදාහක් ඕන වෙලා තිබුණ කියලා. අගෝස්තු මාසය වන විට අපි කවුරුත් දන්නවා මාසේ මාසයේ උද්ධමනය වැඩි වෙනවා. එතකොට ඒ 60000 දැන් 65000ක් වෙලා තියෙන්නෙ පුළුවන්. ඊට පස්සේ ආහාර වලට අමතරව තව කොච්චර අත්‍යවශ්‍ය වියදම් තියෙනවද?. දරුවන්ගේ වියදම් ,දෙමවුපියන්ගේ වියදම්, සෞඛ්‍ය වියදම්, ප්‍රවාහනයට වියදම් තියෙනවා. ඊළඟට කුලී ගෙවල් වල කුලිය ගෙවන්න තියනවා.  ණය ගත්ත නං ගෙවන්න තියෙනවා ,ක්‍රෙඩිට් කාඩ් එකට වියදම් තියෙනවා.

මැද පන්තියේ ගත්තොත් කාර් එකක් ලීසිං කරල තියෙනවා. ඒකට වියදම් තියෙනවා. දුරකථනයට වියදම්.   මැරෙන්නෙ නැතුව ඉන්න හැටදාහක් ඕනනම් ලක්ෂයක් නම් හම්බ වෙන්නේ ඔක්කොම වියදම් කරගන්න පුළුවන් කියලා හිතනවද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන්ට ආණ්ඩුව කරන්න යන දේ…

Next Post

යාලේ අයාලේ ගිය මදාවියන් අතර ඇමති පුතෙක්?…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.