විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක පළමු වටයේ තරගය ශ්‍රී ලංකාව කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර අද (16) ඔස්ට්‍රෙලියාවේ ගෙලෝන්ග් සීමන්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම තේරුවේය. මේ වනවිට පන්දු ඕවර 09ක් තුළ කඩුළු 03ක් දැවී නැමීබියානු කණ්ඩායම ලකුණු 56ක් ලබා ගෙන සිටී.
නැමීබියානු කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙපළ වන Michael Van Langen ලකුණු 03කටත් Nicol Loftie ලකුණු 09කට දැවී ගියෝය. Jan Nicol Loftie-Eaton පන්දු 12ක දී ලකුණු 20ක් ලබාගෙන සිටිය දී කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය.
දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන් සහ චාමික කරුණාරත්න කඩුල්ල බැගින් ලබාගෙන ඇත.







