ඉන්දියාව විසින් රජයේ ගොඩනැගිලි කිහිපයක වහල මත සූර්ය පැනට ස්ථාපිත කිරීමට සඳහා මෙතෙක් ලබා දී තිබූ ණය පහසුකම් යටතේම තවත් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදීමට පියවරගෙන ඇති බව විදුලිබල හා බලශක්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසයී.
අමාත්‍යාංශයේ අද දින පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ඉන්දියාව විසින් ලබා දීමට කැමත්ත පළකරනු ලැබූ මෙම ණය පහසුකම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු අනාවරණය කළේය.
ඉන්දීය මහ කොමසාරිස්, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අමාත්‍යංශ නිලධාරීන් අතර මෙම හමුව පැවැත්විණි.
ඒ අනුව මෙම ණය පහසුකම යටතේ පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන, රෝහල්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයේ ගොඩනැගිලි සහ පූජනීය ස්ථානයන් හී වහල මත මෙම සූර්ය පැනල ස්ථාපති කිරීම සිදුකෙරේ.







