දින 10ක් තිස්සේ අතුරුදහන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවා ඊයේ (12) සවස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුපති මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි .
පසුගිය 02 දා ඔහු කිසිවෙකුට නොදන්වා නේවාසිකාගාරයේ ලිපියක් ලියා තබා පිටවී ගොස් තිබේ. විශ්වවිද්‍යාලය මගින් පසුගිය 03 වැනිදා පෙරවරුවේ මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
නේවාසිකාගාරයෙන් පිටවී ගිය සිසුවා දිවයිනේ ප්‍රදේශ කීපයක සංචාරය කර ඇති බව හෙළි වී ඇත.
පුද්ගලික හේතුවක් මත ඇති වූ මානසික පීඩාව තුළනය කරගැනීම සඳහා මෙසේ සිසුවා සමාජයෙන් තරමක් දුරස් වී සිටීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.







