තුෂාරී කළුබෝවිල –
ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (ඔක්තෝබර් 13) යෙදී තිබේ.
ලොව පුරා රටවල විවිධ ආපදා කල් වේලා ඇතිව හඳුනා ගැනීමෙන් එයින් විය හැකි පුද්ගල හා දේපළ හානි අවම කර ගැනීමට පියවර ගැනීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙම දිනය නම් කර තිබේ.
සුනාමි ව්‍යසනයෙන් පසුව ශ්‍රී ලංකාව ද ආපදා අවම කිරීම කෙරෙහි අවදානය යොමු කළ බවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රියාවලිය ඒ අනුව සක්‍රීය ව පවත්වාගෙන යන බවත් එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.







