බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැකකරුවෙකුගේ අසරණකමේ තරම   මට වැටහුනේ මා සැකකරුවෙක් වී උසාවි පැමිණි දවසෙ…

සැක කරුවන් දහස් ගණනක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කියන කතාව...  

by editor
ඔක්තෝබර් 3, 2022
in පුවත්
Shani-Abesekara
Share on FacebookShare on Twitter

තමන් සැකකරුවන්  විශාල සංඛ්‍යාවක් උසාවියට ඉදිරිපත් කළත් එවැන්නෙකුට දැනෙන අසරණකම වැටහුණේ තමන් ද සැකකාරයෙක් වී උසාවියට නැඟුණු පසු බව   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර   පැවසීය.

ඒ කොළඹ පැවති අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ ගෞරි තවරාසා   වෙනුවෙන් පැවති ගුණ අනුස්මරණ උත්සවය අමතමිනි.

“මම සැකකාරයන් සිය ගාණක් අධිකරණයට ඉදිරිපත් කළා. ඔවුන්ට ඒ වෙලාවට දැනෙන අසරණකම මට දැනුණේ මාත් කූඩුවට නැඟුණට පස්සේ. “

“මගේ අවුරුදු 24ක සීඅයිඩී ජීවිතේදී මට කිසිම චෝදනාවක් තිබුණේ නෑ. මහාධිකරණයේ වැරදිකරුවන් වුණු චූදිතයින් තමයි මට විරුද්ධව දේශපාලන පළිගැනීමක් විදියට නඩු 26ක් දාලා තිබුණේ.  මට තිබුණු ලොකුම චෝදනාව තමයි මම නඩු දැම්මා කියන එක. ඒත් ඇත්තටම මට මහාධිකරණයේ නඩු පවරන්න බෑ.  ඒවා කළේ නීතිපති දෙපාර්තමේන්තුව මඟින්..”

තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශානි  අබේසේකර කීවේය. තමන්ව නිදහස් කර ගැනීමට අභියාචනාධිකරණයේ හා එෆ්ආර්අයි හයක් දැමූ බවත් ඒ කිසිවකට කිසිදු නීතිඥයෙකු මුදල් නොගත් බවත් ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම ගෞරි තවරාසා මහත්මිය තමන්ට ඇප ලබා ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ බවත් පැවසීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඇය මුදල් නොගෙනම තමා වෙනුවෙන් වෙහෙස වූ බවත්, සිය බිරිඳ හා දරුවන් සැනසූ බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

“මම ඇප ගත්තට පස්සේ ගියා තවරාසා මැතිණිය හමුවෙන්න. ගිහින් කිව්වා අඩුම ගානෙ ලියකියවිලිවලවත් සල්ලි ගන්න කියලා.  එතකොට මට කිව්වේ ශානි ඔයාගෙන් සල්ලි ගත්තොත් ඒක මට ගෙවන්න බැරි පවක් වෙයි කියලා.“

“තවරාසා මැතිණිය වගේ තව සීයක් දෙසීයක් ඕනේ වෙයි කියලා හිතනවා දැන් තියෙන ප්‍රශ්න අනුව. ඕනම කෙනෙක්ට අධිකරණයේ පිහිටක් අවශ්‍ය වුණොත් ඒකට නොබියව ඉදිරිපත් වුණු කෙනෙක් තමයි තවරාසා මැතිණිය..”

ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහාචාර්ය චරිත හේරත් කෝප් කමිටුවෙන් හැළෙයි !

Next Post

ශිෂ්‍ය නායකයෙක් පහර දීලා… ගාල්ලේ පාසලක සිසුන් 03ක් රෝහලේ…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.