ශ්‍රියානි විජේසිංහ
රජයේ රෝහලක ප්‍රථම වරට දායකයෙකුගෙන් ලබාගන්නා ඇට මිදුළු රෝගී දරුවන් වෙනුවෙනුවෙන් බද්ධ කිරීම ලබන ඔක්තෝම්බර් 1වන දින රිජ්වේ ආර්යා ළමා රෝහල තුල ආරම්බ කරනු ඇත.
තැලසීමියා රෝගී දරුවන් සහ ජානමය රෝගවලින් පෙළෙන දරුවන් වෙනුවෙන් මෙසේ ඇටමිදුළු බද්ධ කිරීම ආරම්භකරන බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කරයි.
මේ වන විට පිළිකා රෝගී දරුවන් සදහා ඇටමිදුළු බද්ධ කිරිම මහරගම අපේක්ෂා රෝහලේ සිදු කරන අතර ඒසේ බද්ධ කරනුයේ රෝගියාගෙන් ලබා ගත් ඇටමිදුළු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිරරෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නිපුනිකා සේනාධීර මහත්මිය සදහන් කළාය.
ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සදහා එක් රෝගී දරුවෙකුට රුපියල් ලක්කෂ 60 – 80ක් පමණ වැය වන බව මෙය දැනට පෞද්ගලිකඅංශයේ පමණක් සිදු කරන බවත් ඇය පැවසීය.
මේ වන විට ඇටමිදුළු බද්ධ කිරීම සදහා දරුවන් 100 දෙනෙකු පමණ රෝහල තුල ලියාපදිංචි වී සිටින අතර මෙම දරුවන් දිවයිනේ නන් දෙසින් ළමා රෝහල වෙත එවා ඇති බව ද විශේෂඥවරිය සදහන් කලාය.
ඉදිරියේදී ඇටමිදුළු බද්ධය අවශ්‍ය සියලුම දරුවන් වෙනුවෙන් මෙම සේවාව ලබා දීමට උපරිමයෙන් කැපවෙන බවද ඇය අවදාරණය කලාය.