අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙළිය පරල කළ උපුල් රෝහණගේ  ඇෆ්ලාටොක්සීන් කතාවට පදනම   රජයේ රස පරීක්ෂක වාර්තාව…  

හොඳම දේ විධිමත් පරීක්ෂණයක් තියන එකම තමයි... නිලධාරීන් ඇමතිත් නොමග යවලා... උපුල් රෝහණ කියයි...

by editor
සැප්තැම්බර් 21, 2022
in පුවත්
Upul-Rohana

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

ත්‍රිපෝෂවල ඇෆ්ලාටොක්සීන් පිළිකාකාරයකය ඇති බව තමන් ප්‍රකාශ කළේ රජයේ රස පරීක්ෂක වාර්තාව පදනම් කරගෙන බවත් අගොස්තු මාසයේ මහජන පරික්ෂකරුන් විසින් ලබාගත් ත්‍රිපෝෂ සාම්පල් 08ක් රජයේ රස පරීක්ෂකට යොමුකර ලබාගත් වාර්තාව අනුව එම ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් අධි මාත්‍රාවෙන් අන්තර්ගත වී ඇති බව තහවුරු වූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ලංකාසරට ප්‍රකාශ කළේය.

අද පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශයක් කරමින් පැවසුවේ ත්‍රිපෝෂවල ඇෆ්ලාටොක්සීන් පිළිකාකාරකය අඩංගු බවට කළ ප්‍රකාශය ජනතාව බිය ගන්වන නින්දාසහගත කුමන්ත්‍රණයක් බවය. ඇමතිවරයා වැඩිදුරටත් කීවේ මේ ප්‍රකාශ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය. ත්‍රිපෝෂවල ඇෆ්ලාටොක්සීන් නොමැති බව තමන් වගකිමකින් ප්‍රකාශ කරන්නේ යැයි සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.

මේ පිළිබඳව ලංකාසර කළ විමසීමක දී උපුල් රෝහණ ප්‍රකාශ කළේ  මේ වසර මුල පුද්ගලික සමාගම් විසින් වෙළෙඳපලට නිකුත් කළ “පෝෂ “ ලෙස නම් කෙරෙන ළමා අතිරේක ආහාර සාම්පල් 10ක ඇෆ්ලාටොක්සීන් පවතින්නේ යැයි තහවුරු  වීම  මත පදනම්ව  අගොස්තුවේ දී ත්‍රිපෝෂ සාම්පල් 08ක් ද ලබාගෙන රජයේ රස පරීක්ෂවරයා වෙත යොමු කළ බවත් ඒ වාර්තාව අනුව ත්‍රිපෝෂවල ඇෆ්ලාටොක්සීන් ඇතැයි තහවුරු වූ බවත්ය.

කෙසේ වෙතත් මෙම පුද්ගලික ආයතනවල ඇෆ්ලාටොක්සීන් අන්තර්ගත පෝෂවර්ග සම්බන්ධව තමන් සිදුකළ පැහැදිලි කිරීම මාධ්‍ය විසින් වාර්තා නොකිරීම අඩුවක් බව ද   ඔහු කීවේය.

මහජන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මේ සම්බන්ධව ලංකාසරට පැහැදිලි කළේ මෙසේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“මා ඊයේ සිදුකළේ  රසායනාගාර වාර්තා මත පදනම් වූ ප්‍රකාශයක්. ඊයෙ මාධ්‍ය අපෙන් ඇහුවෙ ඇයි බෙදපු  ත්‍රිපෝෂ යළි එකතු කරගන්නෙ  ගන්නෙ කියලා. ඒ පිළිබඳව සොයා බලද්දි තමයි අපටත් මේ තත්ත්වය පැහැදිලි වුනේ. “

“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අගෝස්තු  මාසෙ ත්‍රිපෝෂ සාම්පල් කරලා රජයේ රස පරීක්ෂකවරයාට යවා තිබුණා. ඉන්  සාම්පල් අටක රිපෝට් තියනවා. එම රිපෝට්වල බොහොම පැහැදිලිව තියනවා මේ ත්‍රිපෝෂ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ත්‍රිපෝෂ කියලා.“

“එහි  ඇෆ්ලාටොක්සීනි මිලියනට කොටස් සියය ඉක්මවූ බව වාර්තා තියනවා. තිබිය යුතු ආරක්ෂිත ප්‍රමාණයකට වඩා ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණය තුන් ගුණයකට ආසන්නව වැඩියි.   ඒවා  මනුෂ්‍ය පරිභෝජනයට ඉතා නුදුසුයි.“

“මේ ත්‍රිපෝෂ වගකීමක් නැතිව බෙදලා… දරුවන්ට, කිරි දෙන අම්මලාට ගැබිනි මව්වරුන්ට  අෆ්ලාටොක්සීන් තියන ත්‍රිපෝෂ බෙදපු එක වරදක්. ඒ වරද නිවැරදි කරගන්න කියලයි අපි කිව්වේ. වගකීමකින් තොරව කටයුතු කරපු නිලධාරීන්ට දඬුවම් දෙන්න කියලයි  අපි කිව්වෙ ඒක. මේ වැඩේ වෙන දියුණු රටක සිද්ධ වුනා නම් වෙන තත්ත්වය මොකක් ද?. මේ නිලධාරින්  සෞඛ්‍ය අමාත්‍යවරයා නොමග යවලා තියන බව මා විශ්වාස කරනවා.“

‘හැබැයි ඇත්තටම ඇමතිවරයා කළ යුතු හොඳම දේත් මේ සම්බන්ධව විධිමත් අභ්‍යන්තර විමර්ශනයක් පවත්වන එක තමයි. මම ඊට සූදානම්. මා කළේ රජයේ රස පරීක්ෂවරයා විසින් නිකුත් කළ විද්‍යාත්මක වාර්තා මත පදනම්ව සිදුකළ ප්‍රකාශයක්. ඒ වාර්තා මගෙ ලඟ තියනවා.“

“ඒ වගේම කිව යුතුයි. මා කළ ප්‍රකාශ අද    ආහාර කොමසාරිස්වරයා   තහවුරු කළා. ආහාර කොමසාරිස්වරයා  මාධ්‍යයට කිව්වා යම් සිදුවීමක් මාස එක හමාරකට කලින් සිද්ධවුනා කියලා.“

ඒ වගේම ත්‍රිපෝෂවල මේ සාම්පල් ගන්න හේතු වුනේ වෙළෙඳපලේ පෞද්ගලික අංශයේ නිශ්පාදන දහයක ත්‍රිපෝෂවලට සමාන ආහාර අතිරේකවල අෆ්ලාටොක්සීන්  අධි මාත්‍රාවෙන් ඇති බව තහවුරු වුන නිසා.

ඒ එක්කම ත්‍රිපෝෂවලම වෙළෙඳපල නිශ්පාදනය වූ   සුපෝෂවලත් ඇෆ්ලාටොක්සීන් පොසිටිව් වුනා.

ඒ නිසා තමයි   අගොස්තුවේ දි මේ ත්‍රිපෝෂ  සාම්පල් ගත්තේ. නමුත් මාධ්‍යය වාර්තා කරන විට මේ පුද්ගලික අංශයේ නිශ්පාදනවල පිළිකා කාරක අඩංගු බවට වූ  කොටස කිව්වෙ නෑ.

ඔහු පැහැදිලි කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමපෝෂ යහපෝෂ ලක්පෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින්! සමාගම් තුනක්  අධිකරණය හමුවට !

Next Post

කඩුගන්නාවේ මත්ද්‍රව්‍ය එන්නත් තිප්පල පවත්වාගෙන ගිය අම්මයි දුවයි රිමාන්ඩ්!…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.